යුගදනවී කොටස් විකිණීමට එරෙහි පෙත්සම විභාගයට නොගෙන ම ඉවතට

කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40 ක කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ඇමති මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබු පෙත්සම්, විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) ප්‍රතික්ෂේප කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ටී. බී. දෙහිදෙනිය, බුවනෙක අළුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් අද (04) යළි කැඳවූ අවස්ථාවේදී එම පෙත්සම් විභාගයට ගැනීම මෙලෙස ප්‍රතික්ෂේප විය.
මෙම පෙත්සමේ දී ඇමති මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකු වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සහ වාසුදේව නානායක්කාර මහත්වරුන් ඇමති මණ්ඩලයේ තීරණයට එරෙහිව උසාවිය ඉදිරියේ වෙනම කරුණු දැක්වීම විශේෂත්වයක් වී ය.
