වාසු ඇමති ධුරයෙන් අස් නොවී වැඩ වර්ජනයක

ජල සම්පාදන ඇමති සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා තම ඇමති ධුරයෙන් ඉල්ලා අස් නොවන බවත්, ඇමති ධුරයේ වැඩ වර්ජනය කරන බවත්, අද පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ ය.

ඇමති තනතුරුවලින් ඉවත් කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මහත්වරුන් නැවත එම තනතුරුවල පිහිටුවන ලෙස ඉල්ලා වාසුදේව ඇමතිවරයා මෙම වැඩ වර්ජනයේ යෙදෙයි.

තම අමාත්‍යංශයට හෝ ඇමති මණ්ඩලයට සහභාගී වීමෙන් ද වලකින බව ඒ මහතා කියයි.

මේ අතර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ඉදිරියාට ගන්න ක්‍රියාමාර්ග අද දින රැස් වී තීරණය කිරීමට නියමිත බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *