ආණ්ඩුව වැටෙන්නෙත් නැහැ , රනිල් අගමැති වෙන්නෙත් නැහැ – ඇමති රෝහිත අබේගුණවර්ධන

විමල් වීරවංශ, උදය ගම්මන්පිල මහත්වරුන් කියන පරිදි පොදුජන පෙරමුණු ආණ්ඩුවේ පාර්ලිමේන්තු බහුතරය අහෝසි කළ නොහැකි බවත්, ඇතැමුන් කියන පරිදි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් නොවන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සමග ප්‍රශ්න ඇති උදවිය මෙබඳු ප්‍රචාර කරන බව ද ඒ මහතා කියයි. ඊයේ…

අද කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 163 ක්

  අද දිනයේ හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 163 ක් ලෙස වාර්තා වෙයි . ඊයේ මෙම සංඛ්‍යාව වාර්තා වුයේ 93 ක් වශයෙනි. මේ වනවිට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 661,053 ක් වෙයි. ඊයේ සිදු වූ කොවිඩ් මරණ 6ක් අද දිනය තුළ තහවුරු කොට ඇති අතර මෙරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 16,465ක් ලෙස වාර්තා…

මහ බැංකුව යළි කළු කඩ හදයි ! ඩොලරයට නැවත මිල පාලනයක් !

ඩොලරයේ මිල අධික ලෙස ඉහළ යාම වැළක්වීමට ගත යුතු පොලී අනුපාත වැඩිකිරීම වැනි පියවර මෙතෙක් ගෙන නැති මහ බැංකුව බලපත්‍ර ලත් වෙළෙඳුන්ට මිල පාලනයක් පනවා යළිත් ඩොලර් කළු කඩයක් නිර්මාණය කිරීමට පියවර ගෙන ඇති බව ආර්ථික විද්‍යාඥයෝ කියති. වාණිජ බැංකුවල මිලට වැඩි මිලකට ඩොලර් විකිණීම බලපත්‍ර ලාභී වෙළෙඳුන්ට තහනම් කරමින් මහ බැංකුව අද වාරණයක් නිකුත්…

දිනක හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 93 දක්වා පහතට

  මෙරට දෛනිකව හඳුනාගන්නා කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ඊයේ දිනයේ 93 දෙනකු දක්වා පහත වැටී ඇති බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග ප්‍රකාශ කොට ඇත. පෙරේදා, සෙනසුරාදා වාර්තා වී ඇති සංඛ්‍යාව 164 කි. තවත් කොවිඩ් මරණ 6 ක් ඊයේ තහවුරු කොට ඇති අතර පෙරේදා තහවුරු කොට ඇති සංඛ්‍යාව 2 කි මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,465 ක්…

වත්මන් අර්බුදයට වගකිව යුත්තේ “ඥානක්කා” – එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩ යාම සඳහා ආර්ථික විශේෂඥයන්ගේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ පරිනත දේශපාලනඥයන්ගේ සහාය ලබා ගැනීම වෙනුවට ජනාධිපතිවරයා කළේ අනුරාධපුරයේ ඥානක්කාගේ සහාය ලබා ගැනීම බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී  ප්‍රකාශ කොට ඇත. ඒ අනුව වත්මන් අර්බුදවලට වගකිවයුත්තා “ඥානක්කා” බවද රංගේ බණ්ඩාර මහතා කියයි. අර්බුදය විසඳීම පහසු කර ගැනීමට එක්සත්…

‘‘රනිල්ගෙ පාර්ලිමේන්තු අසුන අගමැති අසුන විය හැකියි‘‘ – එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන

    රනිල්ගේ පාර්ලිමේන්තු ආසනය අගමැති ආසනයක් ද විය හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (28) පැවසීය. එක්සත් ජාතික පක්ෂ නායකයා රට බාර ගතහොත් පැය 48ක් ඇතුළත පෝලිම් අවසන් කරන බව තමා කැට තබා පවසන බවද අබේවර්ධන මහතා සඳහන් කළේය. කොළඹ ලන්ඩන් හවුස් ඔෆ් කොෆී හිදී පැවැති මාධ්‍ය හමුවේ…

අයි එම් එෆ් වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය ලබන සතියේ

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය ලබන සතියේ පැවැත්වීමට රජය තීරණය කොට ඇති බව වාර්තා වෙයි, එම විවාදය සඳහා ලබන සතියේ අවස්ථාව ලබා දීමට සුදානම් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාඩු මහතා ප්‍රකාශ කළ බව ද වාර්තා වෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක්…

ඉන්දියාවේ ම පිහිටයි ! තවත් ඩොලර් බිලියනයක් ඉල්ලයි

ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණය මුදලක් ඉල්ලා ඇති බව විදෙස් ප්‍රවෘත්ති සේවා වාර්තා කොට ඇත. රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා මෙම ණය මුදල ඉල්ලා තිබේ. මැද පෙරදිග ඇතුළු වෙනත් රටවල් ගණනාවකින් ශ්‍රී ලංකාවට ණය මුදල් ලැබීමට නියමිත බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මාස ගණනාවක් තිස්සේ කියමින් සිටිය ද ඒ මුදල්…

මුස්ලිම්වරුන්ගේ ඉල්ලීමක් ඉටුවෙයි ! රටඉඳි ආනයන බද්ද රුපියලට බස්සයි

රටඉඳි කිලෝ ග්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 200.00 සිට රුපියල දක්වා රුපියල් 199කින් අඩුකර ඇත ඒ අනුව රට ඉඳි ආනයනය සඳහා විශේෂ භාණ්ඩ බද්ද රුපියලක් බවට පත් වෙයි මුස්ලිම්වරුන්ගේ රාමසාන් උත්සව සාමය සඳහා රටඉඳි බදු අඩුකරන ලෙස ඔවුන්ගෙන් ලැබුණු ඉල්ලීමක් අනුව මෙම බදු අඩු කිරීම සිදුකොට තිබේ.  

නාමල්ට ෆුල් ෂුවර් – ශ්‍රීලනිප ඇමතිවරුන් අස් වුනොත් මාත් අස්වෙනවා – ඇමති නාමල් රාජපක්ෂ කියයි

ඇමති මණ්ඩලය අඩු කළ යුතු බව ප්‍රකාශ කොට ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ඉල්ලා අස්වෙලා ආදර්ශයක් දෙනවා නම් තමන් ද  ඉල්ලා අස්වෙන්න ලැහැස්තියි යැයි තරුණ කටයුතු සහ ක‍්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ ප්‍රකාශ කරයි. සර්වපාක්‍ෂික සමුඑවේදී අලුත් අයවැයක් පිළිබඳව කතාවුණා පමණක් නොව මෛත‍්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලය අඩුකිරීමට යෝජනාවක් ගෙන ආ බැවින්  ශ‍්‍රී ලංකා…

අයි එම් එෆ් වාර්තාව ගැන කඩිනම් පාර්ලිමේන්තු විවාදයක් රනිල් ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ  වාර්තාව සම්බන්ධයෙන් වහාම  පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් සහ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගෙන්ද ඉල්ලීමක් කර තිබෙි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් රජය තම සැලැස්ම ඉදිරිපත් කිරීම අතිශය වැදගත් වන හෙයින් මෙම පාර්ලිමේන්තු…

සහල් ටොන් මිලියනයක් ඉල්ලු ශ්‍රී ලංකාවට චීනයෙන් සහල් ටොන් 2000 ක් දෙයි

  සහල් මෙට්‍රි ටොන් මිලියනයක් ඉල්ලා සිටි ශ්‍රී ලංකාවට  සහල් මෙට්‍රික්ටොන් 2000 ක් ලබාදීමට චීන රජය බලාපොරොත්තු වන බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි. මෙම සහල් තොගයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් පමණ වන බව කියති. චීන – ශ්‍රී ලංකා අතර රබර් සහ සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් හදිසි ආහාර ආධාරයක් ලෙස මෙම…