අයි එම් එෆ් වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය ලබන සතියේ

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය ලබන සතියේ පැවැත්වීමට රජය තීරණය කොට ඇති බව වාර්තා වෙයි,
එම විවාදය සඳහා ලබන සතියේ අවස්ථාව ලබා දීමට සුදානම් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාඩු මහතා ප්‍රකාශ කළ බව ද වාර්තා වෙයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බව එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායකතුමාගෙන් සහ සභානායකතුමාගෙන් ඉල්ලීමක් කොට තිබිණි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද එම ඉල්ලීම කළේය.
මෙම සිකුරාදා හෝ ලබන සඳුදා පාර්ලිමේන්තු පක්ෂ නායක සමුළුවක් කැඳවා විවාදය සඳහා දින සහ කාලය වෙන් කරනු ඇති බව කියති.
