ඉන්දියාවේ ම පිහිටයි ! තවත් ඩොලර් බිලියනයක් ඉල්ලයි

ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණය මුදලක් ඉල්ලා ඇති බව විදෙස් ප්‍රවෘත්ති සේවා වාර්තා කොට ඇත.

රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා මෙම ණය මුදල ඉල්ලා තිබේ.

මැද පෙරදිග ඇතුළු වෙනත් රටවල් ගණනාවකින් ශ්‍රී ලංකාවට ණය මුදල් ලැබීමට නියමිත බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මාස ගණනාවක් තිස්සේ කියමින් සිටිය ද ඒ මුදල් කිසිවක් මෙතෙක් ලැබී නැත.

මහ බැංකුවේ සංචිතයක් ලෙස තබා ගැනීමට ඩොලර් බිලියන 1.5 කට සමාන මුදලක් චීනයෙන් ලැබී ඇති අතර එය වියදම් කළ නොහැකි මුදලක් බව කියති. එම මුදල තිබෙන නිසා ඩොලර් බිලියන දෙකක සංචිත ඇති බව ප්‍රකාශ කිරීමට මහ බැංකුවට හැකි වී තිබේ.

ණය සහ ණය ප්‍රතිව්යුහාගත් කිරීමේ සහන ලෙස ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් මේ වනවිට ඩොලර් බිලියන 2.4 ක පමණ සහන ලැබී තිබේ.

තවත් ඩොලර බිලියනයක් ඉල්ලා ඇත්තේ ඒ සියල්ලට අමතර වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *