වත්මන් අර්බුදයට වගකිව යුත්තේ “ඥානක්කා” – එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩ යාම සඳහා ආර්ථික විශේෂඥයන්ගේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ පරිනත දේශපාලනඥයන්ගේ සහාය ලබා ගැනීම වෙනුවට ජනාධිපතිවරයා කළේ අනුරාධපුරයේ ඥානක්කාගේ සහාය ලබා ගැනීම බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී  ප්‍රකාශ කොට ඇත.

ඒ අනුව වත්මන් අර්බුදවලට වගකිවයුත්තා “ඥානක්කා” බවද රංගේ බණ්ඩාර මහතා කියයි.

අර්බුදය විසඳීම පහසු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කල්තියාම විසඳුම් දැනුම් දුන් අතර මෙම මාර්තු මාසයේ දී මුහුණ දීමට සිදුවන බැරෑරුම් තත්ත්වය පිළිබඳව 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ බවද එජාප මහලේකම්වරයා ප්‍රකාශ කොට ඇත.

ඇතිවිය හැකි ආහාර අර්බුදය ගැන මෙන්ම අර්බුදයෙන් ගොඩ යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කල් වේලා ඇතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහාය ලබා ගැනීම  පිළිබඳවත්, ඒ තුළින් ජනතාව පීඩනයට පත් වීම වළක්වා ගැනීම පිළිබඳවත්, එජාප නායකයා කරුණු කීවත් ආණ්ඩුව ඒ ගැන තැකීමක් නොකළ බවද රංගෙ බණ්ඩාර මහතා වැඩි දුරටත් ප්‍රකාශ කොට ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *