දිනක හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 93 දක්වා පහතට

 

මෙරට දෛනිකව හඳුනාගන්නා කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ඊයේ දිනයේ 93 දෙනකු දක්වා පහත වැටී ඇති බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග ප්‍රකාශ කොට ඇත.

පෙරේදා, සෙනසුරාදා වාර්තා වී ඇති සංඛ්‍යාව 164 කි.

තවත් කොවිඩ් මරණ 6 ක් ඊයේ තහවුරු කොට ඇති අතර පෙරේදා තහවුරු කොට ඇති සංඛ්‍යාව 2 කි

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,465 ක් බව අලුත්ම වාර්තා කියයි.

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 660,890 ක් වශයෙනි.

කොවිඩ් සඳහා ප්‍රතිකාර ලබන හෝ නිරෝධායනය වන සංඛ්‍යාව මේ වනවිට 7,312 ක් ලෙස වාර්තා වන අතර තවත් 804 දෙනකු නිරීක්ෂණ තත්ත්වයේ සිටින බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *