සහල් ටොන් මිලියනයක් ඉල්ලු ශ්‍රී ලංකාවට චීනයෙන් සහල් ටොන් 2000 ක් දෙයි


 

සහල් මෙට්‍රි ටොන් මිලියනයක් ඉල්ලා සිටි ශ්‍රී ලංකාවට  සහල් මෙට්‍රික්ටොන් 2000 ක් ලබාදීමට චීන රජය බලාපොරොත්තු වන බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි.

මෙම සහල් තොගයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් පමණ වන බව කියති.

චීන – ශ්‍රී ලංකා අතර රබර් සහ සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් හදිසි ආහාර ආධාරයක් ලෙස මෙම සහල් තොගය ලබදෙන බව ද චීන තානාපති කාර්යාලය වැඩි දුරටත්ප්‍රකාශ කොට ඇත.

ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් මිලියනයක් ලබා දීමට චීන රජය එකඟ වී ඇතැයි ශ්‍රී ලංකාවේ ඇතැම් මැති ඇමතිවරුන් පසුගිය කාලයේ ප්‍රචාරය කළ ද , චීන රජය එම ප්‍රචාර තහවුරු කළේ නැත.

ටොන් මිලියනයක් වෙනුවට දැන් ලබා දී ඇත්තේ ටොන් දෙදහසකි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *