සමාජ මාධ්‍ය ප්‍රචාර බොරු; බැංකුවේ කඩා වැටීමක් නෑ – මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ

 

 

මහජන බැංකුව කඩා වැටෙමින් පවතින බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිරෙන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා  ප්‍රකාශ කොට තිබේ.

රජයට අයත් ලේක් හවුස් ආයතනයෙන් පලකරන ‘දිනමිණ’ පුවත්පතේ ජයසිරි මුණසිංහ මාධ්‍යවේදියා කල විමසුමකට පිළිතුරු වශයෙන් මහජන බැංකු සභාපතිවරයා මේ බව පවසා ඇත.

රාජ්‍ය බැංකුවක් කඩා වැටෙමින් පවතින බවට සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදි ඉකුත් 24 දා කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් එම බැංකුව සම්බන්ධයෙ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් පැතිර යමින් පවතියි.

මහජන බැංකු සභාපතිවරයා කියන්නේ එම ප්‍රචාර සත්‍යයෙන් තොර බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *