අයි එම් එෆ් වාර්තාව ගැන කඩිනම් පාර්ලිමේන්තු විවාදයක් රනිල් ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් වහාම පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් සහ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගෙන්ද ඉල්ලීමක් කර තිබෙි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් රජය තම සැලැස්ම ඉදිරිපත් කිරීම අතිශය වැදගත් වන හෙයින් මෙම පාර්ලිමේන්තු විවාදය කඩිනමින් කිරීම අත්‍යවශ්‍ය බව රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත.
මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කිහිප වරක් ම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය ද එය ඉටු වුයේ නැත.
එබඳු වාර්තාවක් නැති මුදල ඇමති බැසිල් රාජපක්ෂ මහතා සර්ව පාක්ෂික සමුළුවේ දී ප්‍රකාශ කළ ද තම වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම මුල්‍ය අරමුදල කටයුතු කිරීම නිසා දැන් සියල්ල හෙළි වී තිබේ.
පිටු 95 කින් යුතු එම වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව සමපොචනයක් කොට ඇති අතර හදිසියේ ගත යුතු පියවර ද නිදේශ කොට තිබේ.
ඒ අනුව රජය ඉක්මන් පියවර ගත යුතු බව බොහෝ ආර්ථික විශේෂඥයන්ගේ මතය වී තිබේ.
මුල්‍ය අරමුදලේ ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්යංශය දැනටමත් පියවර ගනිමින් සිටින බව ද වාර්තා වෙයි.
