නාමල්ට ෆුල් ෂුවර් – ශ්‍රීලනිප ඇමතිවරුන් අස් වුනොත් මාත් අස්වෙනවා – ඇමති නාමල් රාජපක්ෂ කියයි

ඇමති මණ්ඩලය අඩු කළ යුතු බව ප්‍රකාශ කොට ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ඉල්ලා අස්වෙලා ආදර්ශයක් දෙනවා නම් තමන් ද  ඉල්ලා අස්වෙන්න ලැහැස්තියි යැයි තරුණ කටයුතු සහ ක‍්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ ප්‍රකාශ කරයි.

සර්වපාක්‍ෂික සමුඑවේදී අලුත් අයවැයක් පිළිබඳව කතාවුණා පමණක් නොව මෛත‍්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලය අඩුකිරීමට යෝජනාවක් ගෙන ආ බැවින්  ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන් ඉල්ලා අස්වී එම ආදර්ශය පෙන්විය හැකි බවත් එසේ කළ හොත්  තමාත් ඉල්ලා අස්වි ආදර්ශයක් දෙන බවත් නාමල් රාජපක්ෂ ඇමතිවරයා පවසයි.

හොරණ රාජකිය විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින් ක‍්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා මේ බව ප්‍රකාශ කොට ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *