ඊයේ කොවිඩ් මරණ අටක් වාර්තා වෙයි ; එකතුව 305 යි

කොව්ඩ් ආසාදනයෙන් සිදු වූ  මරණ අටක් ඊයේ දිනයේ වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ නිවේදනය කොට ඇත. මෙම මරණ වාර්තා වී ඇත්තේ කොලොන්නාව, ගාල්ල , කළුතර ,පානදුර , මොරටුව ,සයින්දමරදු , රත්නපුර සහ පිළියන්දල යන ප්‍රදේශවලිනි. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් ඇත.

මහ බැංකුව රුපියල ගොඩගන්න ගිහින් ව්‍යාපාරිකයින් සහ ආර්ථිකය අමාරුවේ දමයි

මහ බැංකුව රුපියල ගොඩගන්න ගිහින් ව්‍යාපාරිකයින් සහ ආර්ථිකය අමාරුවේ දමයි

දිගින් දිගට පහත වැටෙමින් තිබෙන ශ්‍රී ලංකා රුපියලේ හුවමාරු වටිනාකම රැක ගැනීමේ පියවරක් ලෙස  ඉදිරි වෙළෙඳ ගිවිසුම් සඳහා ඩොලර් නිකුත් නොකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලු වාණිජ බැංකු වලට නියෝග කිරීම නිසා අපනයන ආනයන වෙළෙදාමේ යෙදෙන ව්‍යාපාරිකයින් මෙන් ම කර්මාන්ත කරුවන් ද අපහසුතාවයට පත්ව ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි. ඉදිරි වෙළෙඳ ගිවිසුම්වලට එලබීමට…

ඇමෙරිකාවේ ෆයිසර් කොවිඩ් එන්නතින් ලක්ෂ විස්සක් වෙන් කරගෙන

ඇමෙරිකාවේ ෆයිසර් කොවිඩ් එන්නතින් ලක්ෂ විස්සක් වෙන් කරගෙන

ඇමෙරිකාවේ ෆයිසර් සමාගම නිපදවා ඇති කොවිඩ් එන්නතින් ලක්ෂ 20 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට මිල දී ගැනීම සඳහා වෙන් කරවාගත් බව වසන්ගත රෝග පිලිබඳ සෞඛ්‍ය රාජ්‍ය  අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කොට ඇත. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මෙම වෙන්කර ගැනීම සිදුකොට තිබේ. ඉන්දියාවේ කොවිඩ් එන්නතේ ලක්ෂ 30 ක් සඳහා ද මේ…

ඊයේ හමු වූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 892  දක්වා ඉහළට ; එක දිනක දී වැඩිම සංඛ්‍යාව

ඊයේ හමු වූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 892 දක්වා ඉහළට ; එක දිනක දී වැඩිම සංඛ්‍යාව

ඊයේ දිනයේ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 892 ක් දක්වා ඉහල ගොස් තිබේ . ඊයේ රාත්‍රී වනවිට වාර්තා වූ 852 සංඛ්‍යාවට අමතරව තවත් 40 ක් වාර්තා වී ඇත්තේ විදේශයන්හි සිට පැමිණි ය අතරිනි . ඊයේ වාර්තා වූ 892 සංඛ්‍යාව එක දිනක දී මෙරටින් වාර්තා වූ වැඩිම අසාදිතයින් සංඛ්‍යාව යි. පසුගිය සතිය තුළ දින තුනක…

අද (28) තවත් කොවිඩ් ආසාදිතයෝ 852 ක් එක්වෙති

අද (28) තවත් කොවිඩ් ආසාදිතයෝ 852 ක් එක්වෙති

කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාවට අද එක වූ සංඛ්‍යාව 852 කි . ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 61,433 ක් ලෙස සටහන් වෙයි. වත්මන් පොකුරේ ආසාදිත සංඛ්‍යාව 57,630 ක් දක්වා ඉහළ  ගොස් ඇත.

තවත් කොවිඩ් මරණ හතක් ; එකතුව 297 යි

කොවිඩ් 19 ආසාදිත මරණ හතක්  අද දිනයේ වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 297 කි. කොළඹ ප්‍රදේශයෙන් හතරක් , එඩේරමුල්ල , රත්නපුර සහ නිට්ටබුව ප්‍රදේශවලින් එක බැගින් මෙම මරණ වාර්තා වී තිබේ.

ජනගහනයෙන් ලක්ෂ 70 කට කොවිඩ් එන්නත් නොදෙන තීරණයක්

ජනගහනයෙන් ලක්ෂ 70 කට කොවිඩ් එන්නත් නොදෙන තීරණයක්

ජනගහනයෙන් සියයට 35 ක් වන ලක්ෂ හැත්තෑවකට වැඩි පිරිසකට කොවිඩ් එන්නත ලබා නොදීමට සෞඛ්‍ය සේවා අංශ තීරණය කොට තිබේ. වයස 20 ට අඩු ළමයින් සහ ගැබිණි මවවරුන්ට එන්නත ලබා දීම මේ අනුව සිදු නොවනු ඇත. එන්නත මෙම කාණ්ඩවලට දිගුකාලීනව සිදුකරන බලපෑම ගැන ප්‍රමාණවත් අධ්‍යයනයක් නොවීම මෙම තත්ත්වයට හේතුව බව කියති . ළමයින් සැලකෙන්නේ වත්මන් කොවිඩ්…

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා අයි ඩී එච් රෝහලට ඇතුළු කරයි

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා අයි ඩී එච් රෝහලට ඇතුළු කරයි

කොවිඩ් 19 වැළඳීම නිසා හික්කඩුවේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි සෞඛ්‍ය ඇමතිනි පව්ත්‍රා වන්නිආරච්චි මහත්මිය රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා අද අයි ඩී එච් රෝහලට ඇතුලත් කළ බව වාර්තා වෙයි. එතුමියට අධික ලෙස උණ සහ ස්වසන අපහසුතා ඇතිවීම නිසා මෙම පියවර ගත් බව කියති

කොවිඩ් එන්නත් ගෙන්වීම පෞද්ගලික අංශයට තහනම් !  චීනය දෙන්න යන එන්නතටත්  අනුමැතිය නැහැ

කොවිඩ් එන්නත් ගෙන්වීම පෞද්ගලික අංශයට තහනම් ! චීනය දෙන්න යන එන්නතටත් අනුමැතිය නැහැ

කොවිඩ් 19 සඳහා එන්නත් ගෙන්වීමට පෞද්ගලික අංශයට සහ රෝහල්වලට අවසර නොදෙන බව රජය ප්‍රකාශ කරයි. ඒ අනුව එන්නත් බෙදාහැරීම සහ ලබාදීම රජය මගින් පමණක් සිදු කරනු ඇත. තම සේවකයන් සඳහා එන්නත් තම වියදමින් දලාදීමට ඇතැම් පෞද්ගලික ව්‍යවසායකයින් ඉදිරිපත්ව ඇතත්, රජය එයට අවසර දීම ප්‍රතික්ෂේප කොට ඇත. මේ අතර කොවිඩ් සඳහා තම රටේ නිෂ්පාදනය කළ එන්නත්…

කොවිඩ් එන්නත් ලක්ෂ පහක් රැගත් ඉන්දියානු ගුවන් යානය කටුනායකට

ඉන්දියාවේ සිට කොවිඩ් එන්නත් ලක්ෂ පහක් රැගත් ගුවන් යානය මීට සුළු වෙලාවකට පෙර කටුනායක ගුවන තොටුපලට පැමිණ තිබේ. ශ්‍රී ලංකා ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා විසින් එම එන්නත් තොගය භාරගනු ලැබු බව වාර්තා වෙයි. සෞඛ්‍ය සේවා අංශ සඳහා එම එන්නත් ලබාදීම හෙට සිට ආරම්භ කිරීමට නියමිත ය. ඉන්දියාවෙන් තවත් එන්නත් ලක්ෂ තිහක් මිල දී ගැනීමට රජය…

බිස්නස් එක තියාගන්න නම් නැගෙනහිර ජැටිය සංවර්ධනයේදී ඉන්දියාව පැත්තකට කරලා හරියන්නේ නැහැ – මුදල් රාජ්‍ය ඇමති

කොළඹ වරායේ නැගෙනහිර ජැටියට අදාළව ව්‍යාපාරික වාසිය රැඳී තිබෙන්නේ ඉන්දියාව සමඟින් වන නිසා මෙහිදී ඉන්දියාවේ සම්බන්ධ වීම අතිශය වැදගත් බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේය. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (27) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කර තිබුණු මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි….

අදත් (27) ආසාදිතයෝ 742 ක් ;මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව හැට දහස පනී

අදත් (27) ආසාදිතයෝ 742 ක් ;මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව හැට දහස පනී

කොවිඩ් 19 ආසාදිතයින් 742 ක් අද දිනයේ හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 60,681 ක් දක්වා ඉහළ ගොස් ඇත. වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 56,778 ක් දක්වා වර්ධනය වී තිබේ.