ඊයේ හමු වූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 892 දක්වා ඉහළට ; එක දිනක දී වැඩිම සංඛ්‍යාව

ඊයේ දිනයේ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 892 ක් දක්වා ඉහල ගොස් තිබේ .
ඊයේ රාත්‍රී වනවිට වාර්තා වූ 852 සංඛ්‍යාවට අමතරව තවත් 40 ක් වාර්තා වී ඇත්තේ විදේශයන්හි සිට පැමිණි ය අතරිනි .
ඊයේ වාර්තා වූ 892 සංඛ්‍යාව එක දිනක දී මෙරටින් වාර්තා වූ වැඩිම අසාදිතයින් සංඛ්‍යාව යි.
පසුගිය සතිය තුළ දින තුනක දී ම එක දිනක වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 800 ඉක්මවා ගියේ ය.
මේ අතර කොවිඩ් එන්නත් ලබාදීම අද ආරම්භ වූ අතර පළමු වටයේ එන්නත් ලබාදෙන්නේ සෞඛ්‍ය සහ ආරක්ෂක කාර්ය මණ්ඩල වලට ය.
