ඇමෙරිකාවේ ෆයිසර් කොවිඩ් එන්නතින් ලක්ෂ විස්සක් වෙන් කරගෙන

ඇමෙරිකාවේ ෆයිසර් සමාගම නිපදවා ඇති කොවිඩ් එන්නතින් ලක්ෂ 20 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට මිල දී ගැනීම සඳහා වෙන් කරවාගත් බව වසන්ගත රෝග පිලිබඳ සෞඛ්‍ය රාජ්‍ය  අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කොට ඇත.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මෙම වෙන්කර ගැනීම සිදුකොට තිබේ.

ඉන්දියාවේ කොවිඩ් එන්නතේ ලක්ෂ 30 ක් සඳහා ද මේ වනවිට ඇනවුම් ලබා දී ඇති බව වාර්තා වෙයි.

රටේ  ජනගහනයෙන් සියයට හැටකට එන්නත ලබාදීම රජයේ ඉල්ලක්කය බව කියති.

එක අයෙකුට මාත්‍රා දෙක බැගින් ලබාදීමට අවශ්‍ය එන්නත් ප්‍රමාණය දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *