ඊයේ කොවිඩ් මරණ අටක් වාර්තා වෙයි ; එකතුව 305 යි
කොව්ඩ් ආසාදනයෙන් සිදු වූ මරණ අටක් ඊයේ දිනයේ වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ නිවේදනය කොට ඇත.
මෙම මරණ වාර්තා වී ඇත්තේ කොලොන්නාව, ගාල්ල , කළුතර ,පානදුර , මොරටුව ,සයින්දමරදු , රත්නපුර සහ පිළියන්දල යන ප්‍රදේශවලිනි.
ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් ඇත.
