කොවිඩ් එන්නත් ලක්ෂ පහක් රැගත් ඉන්දියානු ගුවන් යානය කටුනායකට

ඉන්දියාවේ සිට කොවිඩ් එන්නත් ලක්ෂ පහක් රැගත් ගුවන් යානය මීට සුළු වෙලාවකට පෙර කටුනායක ගුවන තොටුපලට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා විසින් එම එන්නත් තොගය භාරගනු ලැබු බව වාර්තා වෙයි.

සෞඛ්‍ය සේවා අංශ සඳහා එම එන්නත් ලබාදීම හෙට සිට ආරම්භ කිරීමට නියමිත ය.

ඉන්දියාවෙන් තවත් එන්නත් ලක්ෂ තිහක් මිල දී ගැනීමට රජය තීරණය කොට ඇති බව ද කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *