කොවිඩ් එන්නත් ගෙන්වීම පෞද්ගලික අංශයට තහනම් ! චීනය දෙන්න යන එන්නතටත් අනුමැතිය නැහැ

කොවිඩ් 19 සඳහා එන්නත් ගෙන්වීමට පෞද්ගලික අංශයට සහ රෝහල්වලට අවසර නොදෙන බව රජය ප්‍රකාශ කරයි. ඒ අනුව එන්නත් බෙදාහැරීම සහ ලබාදීම රජය මගින් පමණක් සිදු කරනු ඇත.
තම සේවකයන් සඳහා එන්නත් තම වියදමින් දලාදීමට ඇතැම් පෞද්ගලික ව්‍යවසායකයින් ඉදිරිපත්ව ඇතත්, රජය එයට අවසර දීම ප්‍රතික්ෂේප කොට ඇත.
මේ අතර කොවිඩ් සඳහා තම රටේ නිෂ්පාදනය කළ එන්නත් ලක්ෂ තුනක් නොමිලයේ ශ්‍රී ලංකාවට ලබාදීමට චීන රජය එකඟ වී ඇතත් , එම එන්නත මෙරට භාවිතා කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය මෙතෙක් ලැබී නැති බව වාර්තා වෙයි.
අනුමැතිය ලැබෙන තෙක් එම එන්නත් මෙ රටට රැගෙන ඒම ප්‍රමාද වෙමින් පවතියි.
රුසියානු නිෂ්පාදනයක් වන ස්පුට්නික් එන්නත ද ලබාගැනීමට රජය බලාපොරොත්තු වී සිටියත් , එයට ද තවමත් අනුමැතිය ලැබී නැත.
