ජනගහනයෙන් ලක්ෂ 70 කට කොවිඩ් එන්නත් නොදෙන තීරණයක්

ජනගහනයෙන් සියයට 35 ක් වන ලක්ෂ හැත්තෑවකට වැඩි පිරිසකට කොවිඩ් එන්නත ලබා නොදීමට සෞඛ්‍ය සේවා අංශ තීරණය කොට තිබේ. වයස 20 ට අඩු ළමයින් සහ ගැබිණි මවවරුන්ට එන්නත ලබා දීම මේ අනුව සිදු නොවනු ඇත.

එන්නත මෙම කාණ්ඩවලට දිගුකාලීනව සිදුකරන බලපෑම ගැන ප්‍රමාණවත් අධ්‍යයනයක් නොවීම මෙම තත්ත්වයට හේතුව බව කියති .

ළමයින් සැලකෙන්නේ වත්මන් කොවිඩ් 19 රෝගයෙන් අඩු අවදානම් කාණ්ඩයක් වශයෙනි.

එන්නත් සෞඛ්‍ය සේවා සහ ආරක්ෂක අංශවලට ලබාදීමෙන් පසු ප්‍රධාන ඉලක්ක කණ්ඩායම ලෙස වයස 60 ට වැඩි වැඩිහිටියන් තොරාගෙන තිබේ. එම කාණ්ඩයේ ජනගහනය ලක්ෂ 40 ක් බව කියති.

එම පිරිසට එන්නත් මාත්‍රා දෙක බැගින් දීමට අවශ්‍ය එන්නත් ප්‍රමාණය ලක්ෂ 80 කි.

ජනගහනයේ අනෙක් කොටස්වලට එන්නත් ලැබෙනු ඇත්තේ මෙම ඉලක්ක ගත පිරිසට ලබාදීමෙන් පසුව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *