රට පුරා සංචරණ සීමා 14 වැනි දා තෙක් එක දිගට

  මේ වනවිට රටපුරා ක්‍රියාත්මක කොට ඇති  සංචරණ සීමා ලබන 14 වැනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශක කරයි. මෙම සංචරණ සීමා ලබන 7 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට මුලින් තීරණය කර තිබිණ. එලෙස කලින් තීරණය කොට තිබු පරිදි සංචරණ සීමා…

ජනාධිපති නියෝග කළාට කාබනික පොහොර ගෙන්වන්න බැහැ – ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ කියති

ඊළඟ කන්නය සඳහා වහා ම කාබනික පොහොර ගෙන්නන්නයි ජනාධිපතිතුමා නියෝග කළ පමණින් හෝ කැබිනට් මණ්ඩලය තීරණය කළ පමණින් හෝ  පොහොර ගෙන්වීම කළ නොහැකි බවත්, ඒ සඳහා ආයතන ගණනාවක අවසරය අවශ්‍ය වන බවත්, එයට කරන ප්‍රමිති පරීක්ෂාවන්ට විශාල කාලයක් ගතවනු ඇති බවත් ක්ෂේත්‍රයේ තතු දත් ආරංචි මාර්ග කියයි. කාබනික පොහොර ඇතුළු කුමන හෝ ආනයනයක් සඳහා ආනයන…

කොවිඩ් මරණ 1500 පනී ; ඊයෙත් 43 ක් ; ආසාදිතයින් 2845 ක්

මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 1500 ඉක්මවා යමින් තවත් මරණ 43 ක් ඊයේ වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සම්පුර්ණ කොවිඩ් මරණ සංඛ්‍යාව 1527 දක්වා ඉහළ ගියේ ය. ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2845 ක් ලෙස සටහන් වී ය. මෙරටින් මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව…

මොරටු නගරාධිපතිගේ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

අධිකරණය විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබ සිටින තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කරනු ලැබී ය. එන්නත්කරණ වැඩසටහනක දී සෞඛ්‍ය නිලධාරීන්ට බාධා කිරීමේ සිද්ධියක චෝදනා මත මැයි 28 වනදා මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ලබන ජූනි 11 වනදා…

තවත් කොවිඩ් මරණ 43 ක්; ආසාදිතයින් 2912 ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 43 ක් සහ නව ආසාදිතයින් 2912 ක් ඊයේ රාත්‍රී වනවිට වාර්තා වී ය. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1484 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 182,364 ක් ලෙස නිල වාර්තා පෙන්නුම් කරයි. මෙම වාර්තා ලැබෙන්නේ මේ වන විටත් සති දෙකකට ආසන්න…

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රනිල් යා යුතු බව කෘත්‍යාධිකාරිය යලි තීරණය කරයි ; මෙවර රනිල් බෑ නොකියයි.

තවමත් පුරප්පාඩු වී ඇති එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගෙන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු යා යුතු බව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද නැවත වතාවක් ඒකමතිකව තීරණය කොට ඇත. කෘත්‍යාධිකාර මණ්ඩල සභික දය පැල්පොල මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර එය ඒකමතිකව සම්මත වී තිබේ. එම යෝජනාව මීට පෙර ප්‍රතික්ෂේප කරමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා මේ…

කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ගාමිණි මාරපන ; කොමිසමට තව හයක්

කොළඹ වරාය නාගර  ආර්ථික කොමිසන් සභාවේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා පත්කරනු ලැබ ඇත. ඒ සමග කොමිසමේ සෙසු සාමාජිකයින් ලෙස තවත් හය දෙනෙකු පත්කොට ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම පත්කිරීම් සිදුකොට ඇත්තේ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම් සභා පනත යටතේ ලබා දී ඇති බලතල අනුව ය.සඳහා සාමාජිකයන් පත් කරයි. ඒ අනුව, ජනාධිපති…

මන්ත්‍රීවරුන්ගේ සුඛෝපභෝගී වාහනවලට මුදල් ගෙවා අවසන් ; රට දැනගන්න කලින් සියල්ල තීන්දුයි

මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී ප්‍රාඩෝ වාහන ගෙන්වීම සඳහා වන ගනුදෙනුව තීරණය කොට රට දැන ගන්නටත් කලින් මුදල් ගෙවා අවසන් කොට ඇති බව වාර්තා වෙයි. පසුගිය මාර්තු අප්‍රේල් මාසවල ගනුදෙනුව තීරණය කොට වහාම ඒ  සඳහා රුපිය කොටි තුන්සියයකට වැඩි මුදලක් විදේශ විනිමයයෙන් ගෙවීමට කටයුතු කොට ඇත. ලංකා බැංකුව විසින් නිකුත් කරනු ලැබූ ණයවර ලිපියක් මගින් මුදල් ගෙවීම…

කොළඹ වරාය බටහිර ජැටියේ ගිවිසුමට අත්සන් තබලා ; අදානිට 51%, ජෝන් කීල්ස්ට 35%, වරය අධිකාරියට 15%

කොළඹ දකුණු වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධනයේ සියයට 51 කොටස් ඉන්දියාවේ අදානි සමාගමට හිමිවන ලෙස අවබෝධතා ගිවිසුමකට රජය අත්සන් තබා ඇති බව වාර්තා වෙයි. එම ගිවිසුම අනුව ජැටිය සංවර්ධනයෙන් සියයට 35 කොටස් ජෝන් කීල්ස් සමාගමට හිමිවන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 15 ක් කොටස් හිමිවනු ඇත. මෙහි දී ජෝන් කීල්ස් සමගම ක්‍රියා කරන්නේ අදානි සමාගමේ…

ආණ්ඩුවේ උද්දච්චකම සහ මරිමෝඩකම – අනුර සූරියබණ්ඩාර 

මෙරට කොවිඩ් වසංගතයේ අලුත්ම ගොදුර බද්දේගම සමිත ස්වාමින් වහන්සේය . පරණ ගණන් හිලව් ද ඇතුළත්ය කියමින් මරණ සංඛ්‍යාවේ බර අඩු කරන්නට බලධාරින් උත්සාහ ගත්තද මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් පවතී . සෞඛ්‍ය අංශ රට වැසිය යුතුයැයි කියන විට ආණ්ඩුව කීවේ , ප්‍රශ්නයට උත්තරය රට වැසීම නොව එන්නත් කරණය බවය . එහෙත් එන්නත්…

ඊයෙත් කොවිඩ් මරණ 36 ක් ; නව ආසාදිතයින් 2849 ක් ; පරීක්ෂණ අඩු කළ බව හමුදාපති පිළිගනියි

ඊයේ දිනය තුළ ද තවත් කොවිඩ් අසාදිත මරණ 36 ක් වාර්තා  වී ය . ඒ අනුව මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 1441 ක් ලෙස නිල සංඛ්‍යා ලේඛනවල සඳහන් වෙයි. ඊයේ දිනය තුළ වාර්තා වූ නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2849 කි. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 183, 406 ක් ලෙස සටහන් වෙයි….

කොවිඩ් 19 න් බද්දේගම සමිත හිමියෝ අපවත්වෙති

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී බද්දේගම සමිත හිමියෝ කොවිඩ් 19  වයිරසය ආසාදනය වී මාතර පෞද්ගලික රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදි  අපවත් වී ඇතැයි වාර්තා වේ. අපවත්වන විට උන් වහන්සේ 59 වැනි වියෙහි පසු වූහ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම භික්ෂුන් වහන්සේ වන්නේ ද බද්දේගම සමිත හිමියන්ය.