මන්ත්‍රීවරුන්ගේ සුඛෝපභෝගී වාහනවලට මුදල් ගෙවා අවසන් ; රට දැනගන්න කලින් සියල්ල තීන්දුයි

මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී ප්‍රාඩෝ වාහන ගෙන්වීම සඳහා වන ගනුදෙනුව තීරණය කොට රට දැන ගන්නටත් කලින් මුදල් ගෙවා අවසන් කොට ඇති බව වාර්තා වෙයි. පසුගිය මාර්තු අප්‍රේල් මාසවල ගනුදෙනුව තීරණය කොට වහාම ඒ  සඳහා රුපිය කොටි තුන්සියයකට වැඩි මුදලක් විදේශ විනිමයයෙන් ගෙවීමට කටයුතු කොට ඇත.

ලංකා බැංකුව විසින් නිකුත් කරනු ලැබූ ණයවර ලිපියක් මගින් මුදල් ගෙවීම සිදුකොට ඇත්තේ පසුගිය අප්‍රේල් 28 දා ය.

මෙම වාහන ගනුදෙනුව නතර කළ බව ජනතා විරෝධය නිසා රජය ප්‍රකාශ කළ ද, එය නවතා  නැති බවත්, ණයවර ලිපිය මගින් තහවුරු කොට ඇති ගෙවීම නැවැත්විය නොහැකි බවත්, තතුදත් ආරංචි මාර්ග කියයි.

මෙම වාහන ඉදිරි කාලයේ ජපානයෙන් නැව් ගත කිරීමට නියමිත බව කියති.

වාහන ගෙන්වීම නැවතීම වෙනුවට ආණ්ඩුව කරමින් සිටින්නේ මෙම වාහන අවශ්‍ය බවට මතයක් ගොඩ නැගීමට උත්සාහ දැරීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *