කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ගාමිණි මාරපන ; කොමිසමට තව හයක්

කොළඹ වරාය නාගර  ආර්ථික කොමිසන් සභාවේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා පත්කරනු ලැබ ඇත.

ඒ සමග කොමිසමේ සෙසු සාමාජිකයින් ලෙස තවත් හය දෙනෙකු පත්කොට ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම පත්කිරීම් සිදුකොට ඇත්තේ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම් සභා පනත යටතේ ලබා දී ඇති බලතල අනුව ය.සඳහා සාමාජිකයන් පත් කරයි.

ඒ අනුව, ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස පහත සඳහන් ය පත්කොට තිබේ.

1- මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා

2- ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා

3- ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය මහතා

4- ඕරල් කෝපරේෂන් – සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු මහතා

5- මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන් ඇන්ඩ් ෆිනෑන්ස් – කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි මහතා

6- මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා මහතා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *