එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රනිල් යා යුතු බව කෘත්‍යාධිකාරිය යලි තීරණය කරයි ; මෙවර රනිල් බෑ නොකියයි.

තවමත් පුරප්පාඩු වී ඇති එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගෙන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු යා යුතු බව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද නැවත වතාවක් ඒකමතිකව තීරණය කොට ඇත.
කෘත්‍යාධිකාර මණ්ඩල සභික දය පැල්පොල මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර එය ඒකමතිකව සම්මත වී තිබේ.
එම යෝජනාව මීට පෙර ප්‍රතික්ෂේප කරමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට කියා ඇත්තේ තමන් අවශ්‍ය වෙලාවට තීරණය ගන්නා බව යි.
වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු එන ලෙස දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රී පිරිසකගෙන් ද ඉල්ලීම් ලැබී ඇතැයි කියති.
රනිල් ව්ක්‍රමසිංහ මහතා ඉදිරි මාසයේ පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇති බව පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා කියයි.
