මොරටු නගරාධිපතිගේ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

අධිකරණය විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබ සිටින තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කරනු ලැබී ය.
එන්නත්කරණ වැඩසටහනක දී සෞඛ්‍ය නිලධාරීන්ට බාධා කිරීමේ සිද්ධියක චෝදනා මත මැයි 28 වනදා මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ලබන ජූනි 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත.
