කොවිඩ් මරණ 1500 පනී ; ඊයෙත් 43 ක් ; ආසාදිතයින් 2845 ක්

මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 1500 ඉක්මවා යමින් තවත් මරණ 43 ක් ඊයේ වාර්තා වී තිබේ.
ඒ අනුව මෙරටින් වාර්තා වන සම්පුර්ණ කොවිඩ් මරණ සංඛ්‍යාව 1527 දක්වා ඉහළ ගියේ ය.
ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2845 ක් ලෙස සටහන් වී ය.
මෙරටින් මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 189,209 ක් ලෙස නිල සංඛ්‍යා ලේඛනවල සඳහන් ය.
කෙසේ වෙතත්, මේ වනවිට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද පිළිගෙන ඇත්තේ ආසදිතයින්ගේ පළමු ආශ්රිතයින්ගේ පවා කොවිඩ් පරීක්ෂණ නතර කොට ඇති බව යි. ඒ අනුව සැබැ රෝගීන් සංඛ්‍යාව නිල සංඛ්‍යාවලට වඩා බොහෝ වැඩි බව සෞඛ්‍ය අංශවල මතය වී තිබේ.
