ආණ්ඩුවේ උද්දච්චකම සහ මරිමෝඩකම – අනුර සූරියබණ්ඩාර

මෙරට කොවිඩ් වසංගතයේ අලුත්ම ගොදුර බද්දේගම සමිත ස්වාමින් වහන්සේය . පරණ ගණන් හිලව් ද ඇතුළත්ය කියමින් මරණ සංඛ්‍යාවේ බර අඩු කරන්නට බලධාරින් උත්සාහ ගත්තද මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් පවතී .
සෞඛ්‍ය අංශ රට වැසිය යුතුයැයි කියන විට ආණ්ඩුව කීවේ , ප්‍රශ්නයට උත්තරය රට වැසීම නොව එන්නත් කරණය බවය . එහෙත් එන්නත් කරණයෙන් ප්‍රශ්නයට උත්තර දෙන්නට ඒ කියූ මොහොතේ නොව අද වන විට පවා ආණ්ඩුවට අවශ්‍ය පමණට එන්නත් මාත්‍රා සංචිතයක්ද නැත .ඇස්ට්‍රා සෙනිකා පළමු මාත්‍රාව ගත් තැනැත්තන්ට දෙවන මාත්‍රාව ලබා දෙන්නේ කවදාදැයි කියන්නට ආණ්ඩුව තියා සක්රයාගේ පුතා වයිමාවත් දන්නේ නැත . හේතුව ලැබුණු එන්නත් තොගය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමේ දක්ෂතාවක් ආණ්ඩුවට නොතිබීමය.
ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කර් පසුගිය දා පවසා තිබුණේ , තමා රට පාලනය සෞඛ්‍ය අංශ වලට බාරදුන් බවය . ඉන් අදහස් වන්නේ රටේ නායකයා ඇන්ජෙලා මර්කර් වුව මේ මොහොතේ ඇය රට පාලනය කරන්නේ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුවය යන්නය .නමුත් අපේ බලධාරින් කටයුතු කළේ සෞඛ්‍ය අංශ උපදෙස් දුන් පරිදි රට පාලනය කරන්නට නොව සෞඛ්‍ය අංශවල කට පාලනය කරන්නටය . එනම් සෞඛ්‍ය අංශ ජනතාවට කරුණු කීම නතර කරන්නටය .
ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කර් පසුගිය දා පවසා තිබුණේ , තමා රට පාලනය සෞඛ්‍ය අංශ වලට බාරදුන් බවය . ඉන් අදහස් වන්නේ රටේ නායකයා ඇන්ජෙලා මර්කර් වුව මේ මොහොතේ ඇය රට පාලනය කරන්නේ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුවය යන්නය
සති දෙකක කාලයකට වත් රට වසාදමන්නැයි වෛද්‍යවරු කියද්දී ආණ්ඩුව ඊට කන්දුන්නේ නැත .වෛද්‍ය මතය ගැන ප්‍රශ්න කළ විට ජොන්ස්ටන් කීවේ රට පාලනය කෙරෙන්නේ ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට මිස කොළඹ හතේ අයට අවශ්‍ය ආකාරයට නොවන බවය .අලුත් අවුරුදු පොකුරයැයි ආණ්ඩුව විසින්ම හඳුන්වන වත්මන් කොරෝනා රැල්ල ගැන විමසූ විට එස් . බී ගේ පිළිතුර වූයේ අවුරුදු දෙකකින් අලුත් අවුරුදු සමරන්නට ජනතාවට ඉඩ නොලැබුණු නිසා අවුරුදු සමරන්නට ආණ්ඩුව ඉඩ ලබා දුන්නාය කියාය . ජනතාවට අවුරුදු කන්න ඉඩ දී දැන් රටම කන පරිප්පුවට වගකිව යුත්තෙක් සොයා ගන්නට වත් නැත .
ආණ්ඩුවේ සාමාජිකයන්ගේ උද්දච්ච කමත් මරිමෝඩකමත් යන දෙකම ජොනීලාගේත් එස් බී ලාගේත් කතා සහ හැසිරීම් අනුව පෙනේ . මොරටුව නගරාධිපති හොඳම නිදසුනකි . එන්නත් කරණයේදී ප්‍රමුඛතාව ලැබිය යුත්තේ කාටදැයි තීරණය කිරීම වෛද්‍යවරුන්ගේ වගකීමක් වුවද ඊට දේශපාලකයන් අත පොවන ආකාරය මොරටුවේදී කලඑළි බැස්සේය . මොරටුවේ පුරපති පුනපුනා කීවේ කුරුණෑගලත් ජොන්ස්ටන්ගේ චිටිවලට එන්නත් කෙරෙන බවය . ඔහු වෛද්‍යවරියගෙන් දිගින් දිගටම ඇසුවේ කුරුණෑගල වෛද්‍යවරුන්ට ජොනීගේ චිට් එකට එන්නත් කළ හැකිනම් මොරටුවේ වෛද්‍යවරුන්ට පුරපතිගේ චිට් එකට එන්නත් කළ නොහැකි මන්ද කියාය .
ආණ්ඩුවේ සාමාජිකයන්ගේ උද්දච්ච කමත් මරිමෝඩකමත් යන දෙකම ජොනීලාගේත් එස් බී ලාගේත් කතා සහ හැසිරීම් අනුව පෙනේ . මොරටුව නගරාධිපති හොඳම නිදසුනකි . එන්නත් කරණයේදී ප්‍රමුඛතාව ලැබිය යුත්තේ කාටදැයි තීරණය කිරීම වෛද්‍යවරුන්ගේ වගකීමක් වුවද ඊට දේශපාලකයන් අත පොවන ආකාරය මොරටුවේදී කලඑළි බැස්සේය .
මොරටුවේ වෛද්‍යවරිය දේශපාලන චිට් වලට එන්නත් කිරීම ප්‍රතික්ෂේප නොකළේ නම් එන්නත්කරණයටත් දේශපාලන බලපෑම් සිදුවන බව කිසිදා හෙළිදරව් නොවන්නට තිබිණ . කුරුණෑගලදී ජොනීගේ චිට් වලට එන්නත් කළේ යැයි මොරටුව පුරපති කියන කතාව සත්‍යනම් තවත් තැන්වල දේශපාලකයන්ගේ චිට් වලට එන්නත් කෙරෙනවා වන්නටත් පුළුවන . වෛද්‍යවරු ප්‍රශ්න නොකරන්නේ නම් එවැනි සිද්ධි හෙළිදරවු නොවන බැවිනි . අප දන්නා තරමින් ජොනීගේ චිට් කතාව ජොනී විසින් හෝ කුරුණෑගල වෛද්‍යවරුන් විසින් හෝ මෙතෙක් ප්‍රතික්ෂේප කෙරී නැත . බොහෝ එන්නත්කරණ මධ්‍යස්ථාන වලින් නැඟෙන චෝදනාවක් වන්නේ පෝළිම් වලට පිටින් පැමිණෙන පිරිස්වලට එන්නත් කිරීම් සිදුවන බවය .එසේ පැමිණෙන්නන් කවුරුන්ද යන වග පැහැදිලි කිරීමේ වගකීමක් වෛද්‍ය අංශ වලට මෙන්ම සෞඛ්‍ය බලධාරින්ටද තිබේ .
සංචරණ සීමා සම්බන්ධයෙන් තත්වයද එන්නත්කරණ වැඩසටහනට දෙවැනි නැත . ආණ්ඩුව මුලින් එකහෙළා කීවේ මැයි 31 දා සහ ජූනි 04 වන දා ජනතාවට අත්‍යවශ්‍ය දේ සපයා ගන්නට සංචරණ සීමා ලිහිල් කෙරෙන බවය .නමුත් ඊළඟට ජූනි 07 දක්වා එක දිගට සංචරණය සීමා කළේය .ඉන් සිදුවූයේ ඊළඟ සංචරණ සීමා ලිහිල් වීමේදී තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගන්නට සිතා සිටි ජනතාව අසීරුතාවට පත්වීමය .කවර තත්වයක් යටතේ වුව සංචරණ සීමා දීර්ඝ කිරීම කොරෝනා මර්දනය සඳහා දිගු කාලීනව යහපත් බව පිළිගත යුතු නමුත් එකී නිවැරදි තීරණය ගනු ලැබුණේ , මහා විනාශයක් සිදුවූ පසුව සහ ජනතාව අතිශය අසීරුතාවයට පත්වන ආකාරයටය .සියල්ලට එකම හේතුව ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවයය .
අනුර සූරියබණ්ඩාර
