ඊයෙත් කොවිඩ් මරණ 36 ක් ; නව ආසාදිතයින් 2849 ක් ; පරීක්ෂණ අඩු කළ බව හමුදාපති පිළිගනියි

ඊයේ දිනය තුළ ද තවත් කොවිඩ් අසාදිත මරණ 36 ක් වාර්තා වී ය .
ඒ අනුව මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 1441 ක් ලෙස නිල සංඛ්‍යා ලේඛනවල සඳහන් වෙයි.
ඊයේ දිනය තුළ වාර්තා වූ නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2849 කි.
ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 183, 406 ක් ලෙස සටහන් වෙයි.
මේ අතර මේ වනවිට පී සී ආර් පරීක්ෂණ අඩු කොට ඇති බව කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පිළිගෙන ඇත.
ඒ මහතා කියා ඇත්තේ නිවෙසක එක අයෙක් කොවිඩ් ආසාදිත වූ විට පවුලේ සියලු දෙනා ආසාදිත වන බව පෙනීගිය නිසා ඔවුන්ගේ පරීක්ෂණ නැවත වූ බව යි.
එහි තේරුම නම් එලෙස ආසාදිත වන කිසිවකු කොවිඩ් රෝගී නිල සංඛ්‍යවලට ඇතුළත් නොවන බව යි.
