රට පුරා සංචරණ සීමා 14 වැනි දා තෙක් එක දිගට

මේ වනවිට රටපුරා ක්‍රියාත්මක කොට ඇති සංචරණ සීමා ලබන 14 වැනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශක කරයි.
මෙම සංචරණ සීමා ලබන 7 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට මුලින් තීරණය කර තිබිණ. එලෙස කලින් තීරණය කොට තිබු පරිදි සංචරණ සීමා 7 දින ඉවත් නොකෙරෙන බව යුද හමුදාපතිවරයා අද පැවසී ය.
රටේ වසංගත රෝග ව්‍යාප්තිය තව දුරටත් පැවතීම සැලකිල්ලට ගෙන සංචරණ සීමා කාලය මෙසේ දීර්ඝ කළ බව ද යුද හමුදාපතිවරයා කීය.
දැනට සති තුනක පමණ කාලයක් සංචරණ සීමා ක්‍රියාත්මක කළ ද කොවිඩ් රෝග ව්‍යාප්තියේ අඩුවීමක් පෙන්නුම් කොට නැත.
