අදත් ආසාදිතයන් 21ක් ; එකතුව 981ක්
අද දිනයේ ද කොවිඩ් 19 ආසාදිතයන් 21ක් හමු වී ඇත. ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 981 ක් දක්වා ඉහල ගොස් ඇත.
ප්රවෘත්ති
අද දිනයේ ද කොවිඩ් 19 ආසාදිතයන් 21ක් හමු වී ඇත. ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 981 ක් දක්වා ඉහල ගොස් ඇත.
ඊයේ (16) දිනයේ මෙරටින් වාර්තා වුණු කොරෝනා වෛරස් ආසාදිතයින් 25 දෙනා අතරින් 23 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. සෙසු ආසාදිතයින් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අයවලුන් බවයි ඒ මහතා සඳහන් කළේ. මෙතෙක් මෙරටින් වාර්තා වුණු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 960ක් වේ.
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 960 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඊයේ රාත්‍රී කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 11 දෙනෙකු වාර්තා වී ඇත. ඒ අනුව ඊයේ දිනයේදී වාර්තා වූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 25 කි. කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 420 ක් වේ. මේ වන විට…
අද සවස වනවිට අලුතින් කොරෝනා ආසාදිතයින් 14ක් හඳුනාගෙන තිබිණි. ඒ අනුව මෙරටින් හමුවූ කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 949 දක්වා ඉහල ගොස් ඇත . සෞඛ්‍ය සේවා අංශ අද සවස ලබාදුන් වාර්තා අනුව වැලිසර නාවික හමුදා පොකුරෙන් හමු වූ ආසාදිත සංඛ්‍යාව 534ක් ලෙස සඳහන් වීය. ඒ අතරින් 499ක් නාවික හමුදා භටයන් බව ද වාර්තා වීය.
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 935 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඊයේ කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 10 දෙනෙකු වාර්තා වී ඇත. කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 449 ක් වේ. මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 477 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
ශ්‍රී ලංකාවෙන් මෙතක් හමු වූ කොවිඩ් 19 ආසාදිතයන් 925 අතරින් 523ක් ම වැලිසර නාවික හමුදා පොකුරෙන් බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අතරින් 479 ක් ම නාවික හමුදා සාමාජිකයන් වන අතර ඉතිරි පිරිස හමුදා සාමාජිකයන් ඇසුරින් ආසාදිත් වුවෝ වෙති. නාවික හමුදා සාමාජිකයන් ගේ පවුල්වල උදවිය හා ඥාතීහු ද මේ අතර වෙති. ඒ අතර…
ඊයේ දිනයේ අලුත් කොරෝනා රෝගීන් 10ක් හඳුනාගෙන ඇත ඒ අනුව මෙරටින් හමු වූ රෝගීන් සංඛ්‍යාව 925 ක් දක්වා ඉහල ගියේ ය. ඊයේ හමු වූ ආසාදිතයන් දහ දෙනා ම වැලිසර නාවික හමුදා පොකුරෙනි. ඉන් අට දෙනකු නාවික හමුදා භටයින් වන අතර ඉතිරි දෙදෙනා නාවික භටයින් ඇසුරු කළ තැනැත්තන් ය.
ආණ්ඩුවේ ආර්ථික අර්බුදයට සහනයක් සලසන්න මැයි වැටුප හෝ බාගයක් දෙන්නැයි ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා කළ ඉල්ලීමට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මාස තුනක වැටුප කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කළ බව වාර්තා වෙයි . ජනාධිපතිතුමාගේ මාස තුනක වැටුප ලෙස රුපියල් 292 ,500 ක මුදලක් ඇතුලත් චෙක්පතක් ජනාධිපතිවරයා විසින්…
හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා පැය පහකට වැඩි කලක් ප්‍රශ්න කොට ඇත. පසුගිය ජනාධිපතිවරණ අවස්ථාවේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් පිරිසක් ප්‍රවාහනය කිරීම ගැන හිටපු ඇමතිවරයාගෙන් ප්‍රශ්න කළ බව කියති. ඡන්ද දායකයන් ප්‍රවාහනය වැනි කාරණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවා පරීක්ෂා කිරීම ම විමතියට හේතුවක් බවත් මෙය මැතිවරණයට පෙර විපක්ෂය දඩයම්…
ඊයේ (13) දිනයේදී කොරෝනා වෛරස් ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. “ඊයේ සියලුම දෙනා නාවික හමුදාවේ 26ක්. ඒ 26ම නාවික හමුදාවේ වැලිසර කඳවුරට අදාළ උදවිය” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. අනිල් ජාසිංහ මහතා මේ බව පැවසුවේ අද (13) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවට වැඩසටහනක් සමඟ සම්බන්ධ වෙමිනි. LANKANEWSWEB
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂගේ නිල කාමරයට අගුළු දැමු එහි සේවකයෝ එහි හිටපු අධ්‍යක්ෂ සරත් වීර බණ්ඩාර මහතා රෝහල ආසන්නයෙන් ඉවත යනතුරු අද දවස පුරා උද්ඝෝෂණය කළහ. සරත් වීර බණ්ඩාර මහතා රෝහලට ඇතුළත්වීමට අවස්ථා කිහිපයක දී උත්සාහ කළ ද සේවකයෝ කිසිදු අවස්ථාවක ඔහුට ඉඩ නොදුන්හ. පසුගිය 6 දා සහ 12 දා ලිපි දෙකක් මගින් සරත් වීර…
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබේ. ඒ අනුව ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.