කුරුණෑගල රෝහල් සේවකයෝ රෝහල් අධ්‍යක්ෂකට අගුළු දමති

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂගේ නිල කාමරයට අගුළු දැමු එහි සේවකයෝ එහි හිටපු අධ්‍යක්ෂ සරත් වීර බණ්ඩාර මහතා රෝහල ආසන්නයෙන් ඉවත යනතුරු අද දවස පුරා උද්ඝෝෂණය කළහ.

සරත් වීර බණ්ඩාර මහතා රෝහලට ඇතුළත්වීමට අවස්ථා කිහිපයක දී උත්සාහ කළ ද සේවකයෝ කිසිදු අවස්ථාවක ඔහුට ඉඩ නොදුන්හ.

පසුගිය 6 දා සහ 12 දා ලිපි දෙකක් මගින් සරත් වීර බණ්ඩාර මහතා රෝහල් අධ්‍යක්ෂ දුරයෙන් ඉවත් කළ ද දේශපාලන බලය පෙන්වමින් ඔහු දිගටම රැඳී සිටින්නට උත්සහ කළේ ය.

කෙසේ වෙතත් කුරුණෑගල රෝහල රැකගැනීමේ ව්‍යාපාරය කියන්නේ සරත් වීර බණ්ඩාර මහතා ඉවත්ව යන තෙක් තම උද්ඝෝෂණ නතර නොකරන බවයි. ඔහුට නැවත රෝහල තුලට ඒමට ඉඩ නොදෙන බව ද ඔවුහු කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *