ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 26ම නාවික හමුදාවේ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
ඊයේ (13) දිනයේදී කොරෝනා වෛරස් ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
“ඊයේ සියලුම දෙනා නාවික හමුදාවේ 26ක්. ඒ 26ම නාවික හමුදාවේ වැලිසර කඳවුරට අදාළ උදවිය” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අනිල් ජාසිංහ මහතා මේ බව පැවසුවේ අද (13) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවට වැඩසටහනක් සමඟ සම්බන්ධ වෙමිනි.
LANKANEWSWEB
