හිටපු මුදල් අමාත්‍ය මංගලත් කැඳවා ප්‍රශ්න කරයි

හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා පැය පහකට වැඩි කලක් ප්‍රශ්න කොට ඇත.

පසුගිය ජනාධිපතිවරණ අවස්ථාවේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් පිරිසක් ප්‍රවාහනය කිරීම ගැන හිටපු ඇමතිවරයාගෙන් ප්‍රශ්න කළ බව කියති.

ඡන්ද දායකයන් ප්‍රවාහනය වැනි කාරණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවා පරීක්ෂා කිරීම ම විමතියට හේතුවක් බවත් මෙය මැතිවරණයට පෙර විපක්ෂය දඩයම් කිරීමේ සැලැස්මක් බවත් විපක්ෂ දේශපාලනඥයෝ කියති.

කෙසේ වෙතත් ආණ්ඩුව කියන්නේ ඡන්ද දායකයන් ප්‍රවාහනය සඳහා රජයේ මුදල් යෙදවීමක් ගැන පරීක්ෂා කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *