පඩි බාගේ ඉල්ලීමට ජනපති මාස තුනක දෙයි; මුදල රුපියල් 292,500 යි

ආණ්ඩුවේ ආර්ථික අර්බුදයට සහනයක් සලසන්න මැයි වැටුප හෝ බාගයක් දෙන්නැයි ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා කළ ඉල්ලීමට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මාස තුනක වැටුප කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කළ බව වාර්තා වෙයි . 

 ජනාධිපතිතුමාගේ මාස තුනක වැටුප ලෙස  රුපියල් 292 ,500 ක මුදලක්  ඇතුලත් චෙක්පතක්  ජනාධිපතිවරයා විසින් අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා වෙත භාරදෙනු ලැබීය.

ඒ අනුව ජනාධිපතිතුමාගේ මසක වැටුප වන්නේ රුපියල් 92,500 කි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *