ඊයේ දිනයේ 25ක් ; කොරෝනා ආසාදිතයින් 960 ක් දක්වා ඉහළට
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 960 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඊයේ රාත්‍රී කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 11 දෙනෙකු වාර්තා වී ඇත.
ඒ අනුව ඊයේ දිනයේදී වාර්තා වූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 25 කි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 420 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 520 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
