වැලිසර නාවික හමුදා පොකුරෙන් ආසාදිතයන් 523ක්

ශ්‍රී ලංකාවෙන් මෙතක් හමු වූ කොවිඩ් 19 ආසාදිතයන් 925 අතරින් 523ක් ම වැලිසර නාවික හමුදා පොකුරෙන් බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අතරින් 479 ක් ම නාවික හමුදා සාමාජිකයන් වන අතර ඉතිරි පිරිස හමුදා සාමාජිකයන් ඇසුරින් ආසාදිත් වුවෝ වෙති.

නාවික හමුදා සාමාජිකයන් ගේ පවුල්වල උදවිය හා ඥාතීහු ද මේ අතර වෙති. ඒ අතර ළමයින් කිහිප දෙනකු ද වන බව වාර්තා වෙයි.

වැලිසර නාවික හමුදා පොකුරට පිටතින් මෙරටින් අවසන් කොරෝනා ආසාදිතයා  වාර්තා වී ඇත්තේ අප්‍රේල් 30 දා ය. විදේශයෙන් පැමිණි කිහිප දෙනකු හැරෙන්නට ඉන් පසු වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සියලු දෙනා වැලිසර නාවික හමුදා පොකුරෙනි .

නාවික හමුදා සාමාජිකයන් ගේ කොවිඩ් පොකුර මතු නොවුයේ නම් ඇඳිරි නීතිය හා අනෙකුත් විධිවිධාන තවත් ලිහිල් කොට මේ වනවිට ජන ජීවිතය බොහෝ දුරට යථා තත්ත්වයට පත් කරන්නට ඉඩ තිබුණු බව සෞඛ්‍ය සේවාවේ නිලධාරීන්ගේ විශ්වාසය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *