අදත් ආසාදිතයෝ 369 ක් හඳුනා ගැනෙති ; පොකුර 12,000 පනී

  කොවිඩ් 19 අසාදිතයින් 369 දෙනකු අද දින මේ වනවිට හඳුනාගනු ලැබ තිබිණි. ඒ සමග වත්මන් කොවිඩ් පොකුර 12,000 ක් ද පසුකර් ගියේ ය. දැන් මෙම පොකුරේ සංඛ්‍යාව සටහන් වන්නේ 12,230 ක් වශයෙනි

තවත් දෙදෙනකු මරුට ; දැන් 48 යි

කොවිඩ් 19 ආසාදිතයන් වශයෙන් හඳුනාගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් දෙදෙනෙකු  එම රෝහලේ දී මියගොස් තිබේ. කොළඹ 12 පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ මීගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇත . ඒ අනූව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ‍ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 48ක් වන බව සෞඛ්‍ය…

කොවිඩ් 19 බැංකු ණය සහන දෙන හැටි මහ බැංකුව පැහැදිලි කරයි

කොවිඩ් 19 බැංකු ණය සහන දෙන හැටි මහ බැංකුව පැහැදිලි කරයි

කොව්ඩ් 19 නිසා ණය ගෙවාගැනීමට නොහැකි ගනුදෙනුකරුවන් සඳහා බැංකු සහ මුල්‍ය ආයතන සහන ලබාදිය යුතු ආකාරය ගැන ශ්‍රී ලංකා මහා බැංකුව චක්‍රලේඛයක් නිකුත් කරමින් උපදෙස් ලබා දී තිබේ . ඒ අනුව අදාල සහන සඳහා නොවැම්බර් 30 ට පෙර ඉල්ලුම් කළ යුතු ය. මෙම සහන 2012 මාර්තු 31 දක්වා වලංගු වෙයි. ඒ සම්බන්ධයෙන් මහා බැංකුව නිකුත්…

තවත් මරණයක් ; අදට පහයි

කොවිඩ් නිසා මෙරට සිදු වූ 46 වැනි මරණය ද මෙට සුළු වෙලාවකට පෙර වාර්තා වීය. ඉඹුල්ගොඩ පදිංචි 62 හැවිරිදි පිරිමි පුද්ගලයකු මෙලෙස මිය ගොස් ඇත. ඔහු මියගොස් ඇත්තේ මහරගම අපේක්ෂා රෝහලේ දී ය. මේ අනුව අද දවසට වාර්තා  වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 5 කි

අදත් කොවිඩ් ආසාදිතයන් 628 ක් ; පොකුර දැන් 11,861යි

කොවිඩ් 19 ආසාදිතයින් 628 දෙනකු අද දිනයේ ද හඳුනාගෙන ඇත ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 11,861 ක් දක්වා ඉහළ ගොස් ඇත.

බස්නාහිර පලාතෙන් පිටතට බස් සේවා නවතී

බස්නාහිර පළාතේ නගරවල සිට පිට පළාත්වලට දුර ගමන් සේවා බස් රථ වහා ම ක්‍රියාත්මක වන ලෙස නවතා  ඇත. පලාතෙන් පිටතට සංචරණය නැවතීමේ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කොට තිබේ.

තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි ; අද දවසට 4 යි

කොවිඩ් ආසාදනයෙන් සිදු වූ තවත් මරණයක් මීට සුළු වෙලාවකට පෙර වාර්තා වීය. මාලිගාවත්ත ප්‍රදේශය පදිංචි 68 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත. අද මීට පෙර වරත වූ මරණ තුන ද සමග දිනය තුළ වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 4කි . මෙරටි වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 45 දක්වා ඉහළ  ගොස් ඇත.

තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වෙයී

කොවිඩ් 19 රෝගී තත්ත්වය හේතුවෙන් තවත් මරණ තුනක් සිදු වී ඇති බව අද සවස් වන විට වාර්තා වීය. පානදුර පදිංචි වසස 81 ක් වන අයකු , මරදාන පදිංචි වසස 40 ක අයකු සහ කැලණිය පදිංචි වයස 45 ක් වන  අයකු මෙලෙස මියගොස් තිබේ. මෙම මරණ තුනත් සමග ශ්‍රී ලංකාවේ සිදු වූ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව…

බස්නාහිර පළාතෙන් පිට යෑම තහනම්

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ සිටින පුද්ගලයින්ට වෙනත් පළාත් සඳහා සංචරණය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ලබන 15 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම තහනම ක්‍රියාත්මක බවය. මේ අතර හුදකලා කරඇති ප්‍රදේශවලින් ඉවතට පැමිණීමට හෝ ඊට ඇතුළුවීමට කිසිවෙකුට ඉඩ නොතබන්නැයි ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට…

පොලිසිය රටට ම උපදෙස් දෙද්දී පොලිසියේ 612 කට කොවිඩ් ; දස දහස් ගණනක් නිරෝධායනයේ

පොලිසිය රටට ම උපදෙස් දෙද්දී පොලිසියේ 612 කට කොවිඩ් ; දස දහස් ගණනක් නිරෝධායනයේ

පොලිස් නිලධාරීන් 612 කට මේ වනවිට කොවිඩ් 19 වැළඳී ඇති බව වාර්තා වෙයි. වීශේෂ කාර්ය බලකායේ නිලධාරීනහු  145ක් ද ඒ  අතර වෙති. ඊයේ දිනයේ පමණක් පොලිස් සේවයෙන් වාර්තා වූ කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 91 කි . මෙය පොලිස් කොවිඩ් පොකුරක් බවට වර්ධනය වී ඇතැයි සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග කියයි. මේ නිසා නිරෝධායනයට යොමු කොට ඇති…

නීතිපතිට කොකා පෙන්වා ජනාධිපතිගේ ශ්‍රේෂ්ඨාකරණ පත්වීම් අනුමතයි

නීතිපතිට කොකා පෙන්වා ජනාධිපතිගේ ශ්‍රේෂ්ඨාකරණ පත්වීම් අනුමතයි

  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිට ලැබුණු බලතල අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් හය දෙනකු පත් කිරීමට ජනාධිපතිගේ කැමැත්ත අනුව ඉදිරිපත් කළ නාම යෝජනාවලට ඊයේ රැස් වූ පාර්ලිමේන්තු කමිටුවේ අනුමැතිය ලැබී ඇත. නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිවකුට මෙම තනතුරු දීමට පියවර නොගැනීම ආන්දෝලනාත්මක කරුණක් වී ඇති අතර මේ නිසා නීතිපතිතුමා මෙන් ම එම  දෙපාර්තමේන්තුවද බලවත් කලකිරීමකට ලක්ව ඇති…

සීනිවලට තව ගැසට් එකක් !

සීනි මිල පාලනය සඳහා අද තවත් ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇත . එමගින් සීනි කිලොවක් සඳහා රුපියල 85 ක සහතික මිලක් නියම කොට තිබේ. පැකට් කළ සීනි සඳහා මිල රුපියල් 95 කි. මීට සති දෙකකට පෙර  සීනි මිල පාලනයට බදු අඩු කර ගැසට් නිවේදනයක් නිකුත් වී ය. දැන් පාලන මිලක් දමා  ඇත්තේ බදු අඩු කළ…