තවත් දෙදෙනකු මරුට ; දැන් 48 යි
කොවිඩ් 19 ආසාදිතයන් වශයෙන් හඳුනාගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් දෙදෙනෙකු එම රෝහලේ දී මියගොස් තිබේ.
කොළඹ 12 පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ මීගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇත .
ඒ අනූව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 48ක් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.
