පොලිසිය රටට ම උපදෙස් දෙද්දී පොලිසියේ 612 කට කොවිඩ් ; දස දහස් ගණනක් නිරෝධායනයේ

පොලිස් නිලධාරීන් 612 කට මේ වනවිට කොවිඩ් 19 වැළඳී ඇති බව වාර්තා වෙයි.
වීශේෂ කාර්ය බලකායේ නිලධාරීනහු 145ක් ද ඒ අතර වෙති.
ඊයේ දිනයේ පමණක් පොලිස් සේවයෙන් වාර්තා වූ කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 91 කි .
මෙය පොලිස් කොවිඩ් පොකුරක් බවට වර්ධනය වී ඇතැයි සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග කියයි.
මේ නිසා නිරෝධායනයට යොමු කොට ඇති පිරිස දස දහස් ගණනකි . පොලීස් නිලධාරීන්ගේ පවුල්වල අය ද, වෙනත් ආශ්‍රිතයින් ද, මෙලෙස නිරෝධායනයට යොමු කොට ඇත.
ඡායාරුපය – ECONOMYNEXT
