නීතිපතිට කොකා පෙන්වා ජනාධිපතිගේ ශ්‍රේෂ්ඨාකරණ පත්වීම් අනුමතයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිට ලැබුණු බලතල අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් හය දෙනකු පත් කිරීමට ජනාධිපතිගේ කැමැත්ත අනුව ඉදිරිපත් කළ නාම යෝජනාවලට ඊයේ රැස් වූ පාර්ලිමේන්තු කමිටුවේ අනුමැතිය ලැබී ඇත.
නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිවකුට මෙම තනතුරු දීමට පියවර නොගැනීම ආන්දෝලනාත්මක කරුණක් වී ඇති අතර මේ නිසා නීතිපතිතුමා මෙන් ම එම දෙපාර්තමේන්තුවද බලවත් කලකිරීමකට ලක්ව ඇති බව කියති.
මෙම කරුණ පිළිබඳව නීතිපති දප්පුල ද ලිවේරා මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වී කරුණු දක්වා ඇති බව ද වාර්තා වීය. කෙසේ වෙතත් ,ජනාධිපතිතුමා එවන නම් පිළිබඳව සිය නිරීක්ෂණ දැක්වීම හැර නව නම් යෝජනා කිරීමේ බලයක් 20 වැනි සංශෝධනය අනුව පාර්ලිමේන්තු කමිටුවට නැත.
ඊයේ උදේ රැස්වූ පාර්ලිමේන්තු කමිටුව ජනාධිපතිතුමා යෝජනා කර තිබූ නම් අනුමත කොට යවා ඇත.
මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීමට අනුමැතිය ලබා ඇත්තේ අභියාචනාධිකරණයේ දැනට සිටින විනිසුරුවරුන් වන ඒ එම ඩී නවාස් ,කුමුදුනි වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න , අචල වෙන්ගප්පුලි, මහින්ද සමයවර්ධන සහ ජනක ද සිල්වා යන විනිසුරුවරුන් ය.
අභියාචනාධ්කරණයේ සභාපති විනිසුරුවරයා ලෙස විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා පත්කිරීමට ද පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමි වී තිබේ.
නිල වශයෙන් මේම පත්වීම් ලබාදීම ඉදිරි දිනවල ජාධිපතිතුමා විසින් සිදුකරනු ඇත.
