කොළඹ ප්‍රදේශයක් වහාම හුදෙකලා කරයි

කොළඹ 9 වෙලුවනපුර වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කොට ඇත. ඊයේ රාත්‍රියේ සිට ම මෙම හුදෙකලා කිරීම ක්‍රියාත්මක කොට තිබේ. මෙම ප්‍රදේශයන් කොවිඩ් ආසාදිතයින් හමුවීම නිසා මෙම පියවර ගෙන තිබේ.

ශිරාල් – කිර්ති හා අසාද් සාලි සජිත්ගේ පක්ෂයෙන් කැපේ !

නීතිඥ ශිරාල් ලක්තිලක සහ කීර්ති තෙන්නකෝන් හා අසාත් සාලි යන හිටපු ආණ්ඩුකාරවරුන් දෙදෙනා සජිත් ප්‍රේමදාස නායකත්වය දරන ‘සමගි ජන බලවේගයේ’ කිසිඳු තනතුරකට හෝ වගකීමකට පත් නොකිරීමට එම පක්ෂයේ බලධාරීන් විසින් තීරණය කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ. පසුගිය මහ මැතිවරණයේදී එම පක්ෂයේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ අසාත් සාලි, ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක්…

මෙරට කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව හතලිස් දහස ඉක්මවයි
|

මෙරට කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව හතලිස් දහස ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් හමු වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව අද හතලිස් දහසේ ( 40,000 ) සීමාව ඉක්මවා ගියේ ය. ඒ අදදිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 593 දෙනකු වාර්තා වීමත් සමග ය. ඒ සමග මෙරට සමස්ථ ආසාදිත සංඛ්‍යාව 40,33 ක් ලෙස සටහන් වීය. වත්මන් කොවිඩ් පොකුරේ ආසාදිත සංඛ්‍යාව 36,692 ක් ලෙස වාර්තා වී තිබේ.

අදත් කොවිඩ් මරණයක්

කොවිඩ් ආසාදිත තවත් පුද්ගල මරණයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද වාර්තා කළේය. කොළඹ මෝදර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක සිටි පුද්ගලයකු මෙසේ මියගොස් ඇත. මෙම මරණයත් සමග මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 187 ක් දක්වා ඉහළ ගියේය.

පැණිය බිව් ඉහළම තැනක 09 දෙනෙකුට කොවිඩ් !

ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ කාර්යාලයේ කාර්යමණ්ඩලයේ 30 දෙනෙකුට කොරෝනා පැණිය ලබාදී ඇති අතර එයින් 09 දෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බව අනාවරණය වේ. පැණිය ලබාදී දින 04කට පසුව පසුගිය 24වනදා PCR පරීක්ෂණ සිදුකර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ තුනෙන් එකකට ආසන්න පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බවයි.   LANKATRUTH

සජිත් , සජිත්ගෙන් පාඩමක් උගනී ; සජබට නියෝජ්‍ය නායක , උපනායක තනතුරු නෑ !

සජිත් , සජිත්ගෙන් පාඩමක් උගනී ; සජබට නියෝජ්‍ය නායක , උපනායක තනතුරු නෑ !

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය පසුගියදා ඒකමතිකව සම්මත කරගත් නව පක්ෂ ව්‍යවස්ථාව අනුව එම පක්ෂයට නියෝජ්‍ය නායකයකු හෝ උප නායකයකු හෝ පත් නොකිරීමට තීරණය කොට ඇත. එම තීරණයට පක්ෂයේ සියලු නායකයින්ගේ එකඟත්වය හිමි වී ඇත්තේ , පක්ෂයේ සමගිය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය පියවරක් ලෙස සලකමිනි. සමගි ජන බලවේගය පිහිටුවන ලද්දේ ,එක්සත් ජාතික පක්ෂයේ…

අද ( 25 ) කොවිඩ් රෝගීන් 551 යි ; මරණ එකයි

අද කොවිඩ් ආසාදිතයින් 551 ක් අලුතින් වාර්තා වී ඇත. ත්‍රිත්ව පොකුරේ ආසාදිත සංඛ්‍යාව 36,099 ක් දකවා ඉහළ ගොස් ඇත. මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 29,770 කි. අද දින තවත් කොවිඩ් මරණයක් වාර්තා වීය. ඒ අනුව කොවිඩ් මරණ සංඛ්‍යාව 86 දක්වා ඉහළ ගොස් ඇත.

සතොස සභාපති නුෂාඩ් පෙරේරා ධුරයෙන් ඉවත් කරයි

  සතොස ආයතනයේ සභාපති ලෙස කටයුතු කල නුෂාඩ් පෙරේරා මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ. වෙලද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි සඳහන්ය. වෙළඳ අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධන එම ආයතනයේ වැඩ බලන සභාපතිවරයා ලෙස පත් කර ඇත. එමෙන්ම ලක් සතොස ආයතනයේ සභාපති ධුරයෙන් ද ඉල්ලා අස්වන්නැයි නුෂාඩ් පෙරේරා මහතාට දැනුම් දී ඇතැයි…

රුපියල තවත් පල්ලම් බහී – අද 194යි

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (25) වනවිට 194ක් දක්වා පහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය අද (25) රුපියල් 194.66 දක්වා පහළ ගිය අතර ගැනුම් අගය රුපියල් 189.08ක් ලෙස දැක්විණි. මේ වසරේ අප්‍රේල් මාසයේ 03 වැනිදා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 193…

රුපියල කඩාවැටීම පිළිගත නොහැකියි ;  වළක්වන්න මැදිහත් වෙනවා – මහ බැංකුව නිවේදනය කරයි

රුපියල කඩාවැටීම පිළිගත නොහැකියි ; වළක්වන්න මැදිහත් වෙනවා – මහ බැංකුව නිවේදනය කරයි

  රුපියල අවප්‍රමාණය වීම පිළිගත නොහැකි බවත් , එය වැළැක්වීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. රුපියලේ අගය ඩොලරයක් රුපියල් 193 ක් දක්වා පහල යාමක් පසුගියදා දක්නට ලැබිණි. මහ බැංකුව කියන්නේ එසේ රුපියලේ අගය පහත වැටීමට කිසිදු හේතුවක් නැති බවයි. විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑත දී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බවත්…

කොවිඩ් පොකුර තිස් පන් දහස පන්නයි ; සමස්තය තිස් නව දහස පන්නයි

කොවිඩ් පොකුර තිස් පන් දහස පන්නයි ; සමස්තය තිස් නව දහස පන්නයි

මෙරට වර්තමාන කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව අද තිස් පන් දහස ඉක්මවා ඉහළ ගියේය. ඒ අද දිනයේ එකතු වූ කොවිඩ් ආසාදිතයින් 588 දෙන ද සමග ය. ඒ අනුව කොවිඩ් පොකුරේ සංඛ්‍යාව 35,548 ලෙස සටහන් වීය. මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 39,219 ක් දක්වා ඉහළ ගොස් ඇත . මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් අලුත් රෝගීන්…

මෙරටින් තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි – රෝහලට ඇතුළත් කරන විට මිය ගිහින්

මෙරටින් තවත් කොවිඩ් මරණයක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි මෙසේ මිය ගොස් ඇත්තේ අගලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක පිරිමි පුද්ගලයෙකි මෙම පුද්ගලයා පසුගිය 20 වන දින පිඹුර මූලික රෝහලට ඇතුළත් කරන විට මිය ගොස් ඇති බව නිවේදනයේ සඳහන් වෙයි එ් අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 185…