සජිත් , සජිත්ගෙන් පාඩමක් උගනී ; සජබට නියෝජ්‍ය නායක , උපනායක තනතුරු නෑ !

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය පසුගියදා ඒකමතිකව සම්මත කරගත් නව පක්ෂ ව්‍යවස්ථාව අනුව එම පක්ෂයට නියෝජ්‍ය නායකයකු හෝ උප නායකයකු හෝ පත් නොකිරීමට තීරණය කොට ඇත.
එම තීරණයට පක්ෂයේ සියලු නායකයින්ගේ එකඟත්වය හිමි වී ඇත්තේ , පක්ෂයේ සමගිය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය පියවරක් ලෙස සලකමිනි.
සමගි ජන බලවේගය පිහිටුවන ලද්දේ ,එක්සත් ජාතික පක්ෂයේ නියෝජය නායක සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂයේ අති බහුතරයක් සමග ඉවත්ව යාමෙනි. එම ඉරණම සමගි ජන බලවේගයට අයත් නොවීම සඳහා නියෝජය නායක තනතුරු ඉවත්කර ඇති බව නිරීක්ෂකයෝ කියති.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස පත්වීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා දිගට ම කළේ පක්ෂ නායකත්වය ගැනීමට දේශපාලන ගේම් ගැසීම බව පක්ෂ නායකයාට හිතවත් කණ්ඩායමේ මතයයි. එජාපයේ ද නියෝජ්‍ය නායක තනතුර ඉවත් කළ යුතු බවට ද යෝජනා ඉදිරිපත් වී ඇත.
සමගි ජන බලවේගයට නියෝජ්‍ය නායක හෝ උප නායක තනතුරු නැති අතර නායකයාට අමතරව සභාපති , ලේකම් , භාණ්ඩාගාරික ,ජෙෂ්ඨ උප සභාපතිවරු හයක් , උප සභාපතිවරු පහක් සහ නියෝජ්‍ය ලේකම්වරයෙක් පත් කිරීමට නව ව්‍යවස්ථාව අනුව කටයුතු යොදා ඇත.
