රුපියල කඩාවැටීම පිළිගත නොහැකියි ; වළක්වන්න මැදිහත් වෙනවා – මහ බැංකුව නිවේදනය කරයි
රුපියල අවප්‍රමාණය වීම පිළිගත නොහැකි බවත් , එය වැළැක්වීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
රුපියලේ අගය ඩොලරයක් රුපියල් 193 ක් දක්වා පහල යාමක් පසුගියදා දක්නට ලැබිණි. මහ බැංකුව කියන්නේ එසේ රුපියලේ අගය පහත වැටීමට කිසිදු හේතුවක් නැති බවයි.
විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑත දී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බවත් , දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි මෙම උච්චාවචනය පාලනය කිරීමට වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන බවද මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන්වේ..
අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම අඛණ්ඩව පවත්වා ගැනීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දී විනිමය අනුපාතිකය පසුගිය නොවැම්බර් මස පැවති ඩොලරයට සාපේක්ෂව රුපියල් 185 ට වඩා අඩු මට්ටමකට පැමිණෙනු ඇති බවටද ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.
දැනට දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.6 ක මට්ටම දක්වා ඉහළ නැංවීම සඳහා මහ බැංකුවේ දේශීය හා විදේශීය හවුල්කරුවන් සමග පවත්වන සාකච්ඡා ද සාර්ථකව අවසාන අදියරකට පැමිණෙමින් තිබේ.
මෙම අපේක්ෂිත ලැබීම් සහ දේශීය නිෂ්පාදන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයත් , විදේශ විනිමය ලැබීම් ඉහළ යෑමට හේතු වන බව මහ බැංකුවේ ස්ථාවරය වී ඇත

