රුපියල තවත් පල්ලම් බහී – අද 194යි

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (25) වනවිට 194ක් දක්වා පහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය අද (25) රුපියල් 194.66 දක්වා පහළ ගිය අතර ගැනුම් අගය රුපියල් 189.08ක් ලෙස දැක්විණි.
මේ වසරේ අප්‍රේල් මාසයේ 03 වැනිදා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 193 සීමාව ඉක්මවා ගිය අතර මැයි මස (4) වැනිදා නැවත වරක් 194 සීමාව ඉක්මවා ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවලට අනුව මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 18 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියල 3.3%කින් අවප්‍රමාණය වී තිබේ. යුරෝ මුදල් ඒකකයට සාපේක්ෂාව 11.5%කින්ද ජපාන යෙන් ඒකකයට සාපේක්ෂව 8.1%කින්ද ස්ටර්ලිං පවුමට සාපේක්ෂව 6.3%කින්ද ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.
LANKATRUTH
