කොවිඩ් ආසාදිතයින් එක දිනක ඉහළ ම අගය අද – 975 වාර්තා වෙයි

කොවිඩ් ආසාදිතයින් 975 ක් අද දිනයේ වාර්තා වී ඇත. මෙය එක දිනක වාර්තා වූ වැඩි ම ආසාදිතයින් සංඛ්‍යාවයි. මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 71,101 ක් දක්වා ඉහල ගොස් ඇත. වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 67,802 ක් ලෙස ගණන් බලා තිබේ.  

අද කොවිඩ් මරණ පහයි ; එකතුව 370 ක් වෙයි.

කොවිඩ් 19 ආසාදනය නිසා සිදු වූ මරණ පහක් අද දිනයේ ද වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 370 කි. අද දිනයේ මරණ වාර්තා වුයේ කපුලියද්ද, මොරටුව, කැටවල ,කුරුණෑගල සහ අනුරාධපුරයෙනි.

එජාප, සජබ එකතුවකට හරීන්, රනිල් හමුවෙයි ; රුවන් එක්ක කතා කරන්නයි රනිල් කියයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඉදිරි දේශපාලන කටයුතු වලදී එකට වැඩ කිරීම ගැන සාකච්ඡා කිරීම සඳහා හරීම් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කොට ඇති බව වාර්තා වෙයි. එහි දී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත්තේ දෙපාර්ශවය එක්ව වැඩ කිරීමට තමන්ගේ විරුද්ධත්වයක් නැති බව යි. කෙසේ වෙතත්, මෙම කරුණ…

ආණ්ඩුවට ජිනීවා සටන බරපතළයි ; මුස්ලිම් මෘතදේහ බලෙන් පුච්චන ආණ්ඩුව පිහිට පතා මුස්ලිම් රටවල් පසුපස යයි

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සභාවාරයට මිචෙල් බචලේ මහලේකම්තුමිය ඉදිරිපත් කිරීමට යන වාර්තාවත් ඒ අනුව එහි  සම්මත කිරීමට යන බව කියන යෝජනාත් ආණ්ඩුවට බරපතළ අවාසිදායක තත්ත්වයක් මතුකොට ඇති බව වාර්තා වෙයි. එම වාර්තාවල කරුණු වෙනස් කර ගැනීමට ශ්‍රී ලංකා රජය මෙතෙක් දැරූ උත්සාහයන් ව්‍යර්ථ වී ඇත. දැන් රජය ප්‍රකාශ කොට ඇත්තේ වාර්තාව සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප…

අදත් කොවිඩ් ආසාදිතයින් 878 ක් ; එකතුව හැත්තෑ දහස පන්නයි

කොවිඩ් 19 ආසාදිතයින් 878 දෙනෙකු අද දිනයේ අලුතින් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 70,126 දක්වා ඉහළ ගියේ ය. වර්තමාන කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 66,827 ක් ලෙස සටහන් වෙයි. මේ වනවිට කොළඹින් පිට ප්‍රදේශවලින් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ කියයි. බදුල්ල, රිදීමාලියද්ද ප්‍රදේශවලින් කැපී පෙනෙන ලෙස වැඩි…

අදත් කොවිඩ් මරණ නවයක් ; එකතුව 365 ක්

කොවිඩ් 19 ආසාදනය නිසා සිදු වූ මරණ නවයක් අද දිනයේ ද වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 365 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ කොළඹ 15 සහ 12, අනුරාධපුර ,කුරුණෑගල ,මීගමුව, කයිට්ස්, හොරණ, ගුරුදෙනිය සහ මාවනැල්ල ප්‍රදේශවලිනි.

බලෙන් ඉස්සු කොටස් වෙළෙඳපොළ දිගට ම වැටෙයි !

පසුගිය දිනවල කොටස් මිලෙහි වර්තගත ඉහළ යාමක් පෙන්නුම් කළ කොළඹ කොටස් වෙළෙඳපොළ  මේ වනවිට දිගින් දිගට පසු බැස්මට ලක්ව ඇති බව වාර්තා වෙයි. පසුගිය සතියේ කොටස් මිල දර්ශක වල පෙන්නුම් කළ පසුබැස්ම අද දිනයේ තව දුරටත් පහත වැටෙමින් පවතින බව කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි. පසුගිය දිනවල කොටස් මිලෙහි ඉහළ යාම රජය සහ රජයට හිතවත්…

ටී එන් ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්ගේ විශේෂ ආරක්ෂාව හදිසියේ ම ඉවත් කරයි

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ සුමන්තිරන් මහතා වෙත ලබාදී තිබුණු විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ඊයේ (07) රාති‍්‍රයේ සිට හදිසියේම ඉවත් කර ඇත. මේ පිළිබඳව කිසිදු පෙර දැනුම්දීමක් සිදු නොකෙරුණු බව සුමන්තිරන් මහතා පවසයි. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වශයෙන් ලැබෙන පොලිස් ආරක්ෂාව එයාකාරයෙන්ම තිබෙන බව සඳහන් වේ. දෙමළ ජනතාවගේ ඉල්ලීම් කිහිපයක් මුල්කර…

මියන්මාර හමුදා පාලනය මහාචාර්ය නලින් ද සිල්වාගේත් කට වසයි !

මියන්මාර හමුදා පාලනයේ වාරණ ක්‍රියාමාර්ග හේතුවෙන් එරට ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ ද දේශපාලන අදහස් දැක්වීමේ අවස්ථා අහිමි වී ඇති බව වාර්තා වෙයි. එයට හේතු වී ඇත්තේ අන්තර්ජාලයේ සියලු ක්‍රියාකාරකම් වරණය කිරීමට හමුදා පාලනය කටයුතු කොට තිබීමයි. මහාචාර්ය නලින් ද සිල්වා මහතා සමාජ මාධ්‍ය ඔස්සේ කල අදහස් දැක්වීම්වලට ද මේ  නිසා බාදා…

කොවිඩ් 19 අලුතින් ආසාදනය වූ 772 ක් අදත් වාර්තා වෙයි ; සමස්තය හැත්තෑ දහස ආසන්නයේ

කොවිඩ් 19 ආසාදනය වූ 772 දෙනෙකු අද දිනයේ ද හඳුනාගෙන ඇති බව රජය නිවේදනය කරයි. ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 69,348 ක් දක්වා ඉහළ ගොස් තිබේ. වර්තමාන කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 45,949 කි. ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වන බදුල්ල ප්‍රදේශයේ ආසාමාන්‍ය තත්ත්වයක් පවතින බව සෞඛ්‍ය සේවා අංශ කියයි. එමතත්ත්වය රට පුරා පතිරීමෙඅවදානමක්…

හිටපු කතානායක විජමු අයි  ඩී එච් කොවිඩ් දැඩි සත්කාර ඒකකයේ

කොවිඩ් 19 රෝග ආසාදනයට ලක් වූ හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර මහතා අයි  ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට ඇති බව වාර්තා වෙයි. ඒ මහතා රෝගාතුර වී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බවත්, කොවිඩ් රෝගී බව හඳුනා ගැනීමෙන් පසු කොළඹ පොලිස් රෝහලට ඇතුලත් කළ බවත් රෝගය උත්සන්න වීම නිසා අයි ඩී එච් රෝහලේ දැඩි…

අදත් (7දා ) කොවිඩ් මරණ පහක් වාර්තාවෙයි; එකතුව 356 ක්

කොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වී ඇතැයි අද(07) දවසේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 356ක් දක්වා ඉහළ යයි. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි කාන්තාවක්, වක්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි කාන්තාවක්,…