බලෙන් ඉස්සු කොටස් වෙළෙඳපොළ දිගට ම වැටෙයි !

පසුගිය දිනවල කොටස් මිලෙහි වර්තගත ඉහළ යාමක් පෙන්නුම් කළ කොළඹ කොටස් වෙළෙඳපොළ මේ වනවිට දිගින් දිගට පසු බැස්මට ලක්ව ඇති බව වාර්තා වෙයි.
පසුගිය සතියේ කොටස් මිල දර්ශක වල පෙන්නුම් කළ පසුබැස්ම අද දිනයේ තව දුරටත් පහත වැටෙමින් පවතින බව කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.
පසුගිය දිනවල කොටස් මිලෙහි ඉහළ යාම රජය සහ රජයට හිතවත් ව්‍යාපාරිකයන්ගේ මැදිහත් වීමෙන් සිදු වූ කෘතීම ඉහළ යාමක් බවට චෝදනා නැගී ඇත.
විපක්ෂ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීවේ මෙය යම් පිරිසක් විසින් කොටස් වෙළෙඳ පොළ උස්සා අතහැරීමක් වශයෙනි.
රජයට හිතවත් ප්‍රබල ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා මෙයට ප්‍රබල දායකත්වයක් ලබාදුන් බව වාර්තා වුයේ ඔහුට අයත් සමාගම්වල කොටස් නැවත බෙදීම (splitting ) මගිනි. ඔහුට අයත් සමාගම් 14 ක කොටස් මෙලෙස අනු බෙදීම් කොට කොටස් වෙළෙඳපොළට ඉදිරිපත් කොට තිබිණි .
එක කොටසක් අනු කොටස් 2 ,3, සිට 10 දක්වා ප්‍රමාණවලින් මෙම අනු බෙදීම් සිදුකොට තිබිණි. මෙය වෙළෙඳපොළ ගනුදෙනු වැඩිකිරීමේ උපාය මාර්ගයක් බව කියති.
මෙය සමාගම් සාමාන්‍යයෙන් වරින් වර ක්‍රියාත්මක කරන නීත්‍යනුකුල ක්‍රියාවකි. කෙසේ වෙතත් , ධම්මික පෙරේරා මහතා එක් වරම තම සමාගම් 14 ක කොටස් අනු බෙදීමට ලක් කිරීම විශේෂ සිදුවීමක් බව කියති.
එයින් වෙළෙඳපොළේ තාවකාලික උත්තේජනයක් ඇති වූ බව වාර්තා වීය.
කෙසේ වෙතත්, ධම්මික පෙරේරා මහතාගේ ක්‍රියාව වෙළෙඳපොළ ඉහළ යාමට බල පෑ එක ම හේතුව නොවන බව ද කියති.
