අදත් කොවිඩ් ආසාදිතයින් 878 ක් ; එකතුව හැත්තෑ දහස පන්නයි

කොවිඩ් 19 ආසාදිතයින් 878 දෙනෙකු අද දිනයේ අලුතින් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 70,126 දක්වා ඉහළ ගියේ ය.

වර්තමාන කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 66,827 ක් ලෙස සටහන් වෙයි.

මේ වනවිට කොළඹින් පිට ප්‍රදේශවලින් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ කියයි.

බදුල්ල, රිදීමාලියද්ද ප්‍රදේශවලින් කැපී පෙනෙන ලෙස වැඩි ආසාදිතයින් සංඛ්‍යා වාර්තා වී ඇති බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *