එජාප, සජබ එකතුවකට හරීන්, රනිල් හමුවෙයි ; රුවන් එක්ක කතා කරන්නයි රනිල් කියයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඉදිරි දේශපාලන කටයුතු වලදී එකට වැඩ කිරීම ගැන සාකච්ඡා කිරීම සඳහා හරීම් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කොට ඇති බව වාර්තා වෙයි.
එහි දී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත්තේ දෙපාර්ශවය එක්ව වැඩ කිරීමට තමන්ගේ විරුද්ධත්වයක් නැති බව යි. කෙසේ වෙතත්, මෙම කරුණ ගැන එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා හමු වී සාකච්ඡා කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.
ඒ අනුව ඉදිරියේ දී තමා රුවන් විජේවර්ධන මහතා ද හමු වී සාකච්ඡා කරන බව හරීන් ප්‍රනාන්දු මහතා කියයි.
