මියන්මාර හමුදා පාලනය මහාචාර්ය නලින් ද සිල්වාගේත් කට වසයි !

මියන්මාර හමුදා පාලනයේ වාරණ ක්‍රියාමාර්ග හේතුවෙන් එරට ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ ද දේශපාලන අදහස් දැක්වීමේ අවස්ථා අහිමි වී ඇති බව වාර්තා වෙයි.

එයට හේතු වී ඇත්තේ අන්තර්ජාලයේ සියලු ක්‍රියාකාරකම් වරණය කිරීමට හමුදා පාලනය කටයුතු කොට තිබීමයි.

මහාචාර්ය නලින් ද සිල්වා මහතා සමාජ මාධ්‍ය ඔස්සේ කල අදහස් දැක්වීම්වලට ද මේ  නිසා බාදා එල්ල වී තිබේ.

එබැවින් අන්තර්ජාලය ඔස්සේ නලින් ද සිල්වා මහතා කළ අදහස් දැක්වීම් නතර කොට ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *