තවත් කොවිඩ් මරණ දෙකක් ; එකතුව 459 යි

තවත් කොවිඩ් ආසාදිත මරණ දෙකක් අද දිනයේ වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 459 දක්වා ඉහළ ගොස් තිබේ අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ කඩවත සහ වත්තල ප්‍රදේශවලිනි .

කොවිඩ් මෘතදේහ භුමදානයට ඉඩ ලැබෙන ගැසට් නිවේදනය සුදානම්

කොවිඩ් 19 භුමදානයට  ඉඩ නොදීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙනස් කරමින් භුමදනයට ඉඩ සලසන ගැසට් පත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශය  විසින් සුදානම් කොට මුද්‍රණයට යවා ඇති බව තතු දත් ආරංචි මාර්ග වාර්තා කරයි. මෘතදේහ භුමදානයේ දී හෝ ආදාහනයේ දී අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය විධිවිධාන ගැසට් පත්‍රයට ඇතුලත් වනු ඇති බව කියති. කොවිඩ් මෘතදේහ භුමදනයට ඉඩ නොදීම ජාත්‍යන්තර වශයෙන්…

ක්‍රිකට් තරගයෙන් සීලරතන හිමි අවුට් !

ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති තනතුර සඳහා බත්තරමුල්ලේ සීලරතන හිමි භාරදුන් නාම යෝජනා ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වෙයි. ඒ ක්‍රිකට් නිලවරණයට තරග කිරීම සඳහා මුලික සුදුසුකම් සපුරා නොතිබීම යන පදනමිනි. ක්‍රිකට් නිලවරණයට තරග කිරීම සඳහා එක් මුලික සුදුසුකමක් වන්නේ පළමුපෙළ ක්‍රිකට් තරග සඳහා තරග කොට තිබීම යි.

බත්තරමුල්ලේ සීලරතන හිමි ශාන්ත අන්තෝනි සමාජයෙන් ක්‍රිකට් නිලවරණයට !

ශ්‍රී ලංකා ක්‍රීකට් උප සභාපති තනතුරට තරග වැදීමට බත්තරමුල්ලේ සීලරතන හිමි නාම යෝජනා භාර දී ඇති බව වාර්තා වෙයි. උන් වහන්සේ තම නාම යෝජනාව භාර දී ඇත්තේ වන්නි දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජයෙනි. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි මස 20 දා පැවැත්වීමට නියමිත ය.  

අද අලුත් කොවිඩ් ආසාදිතයින් 458 යි ; සමස්තය 81,438 යි

අද දින කොවිඩ් 19 ආසාදිතයින් 458 ක් වාර්තා වූ බව නිල සංඛ්‍යා ලේඛන කියයි. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව 81,438 ක් වෙයි. වත්මන් කොවිඩ් රැල්ලෙන් සොයා ගෙන ඇති  ආසාදිතයින් සංඛ්‍යාව 77,363 ක් ලෙස නිල සංඛ්‍යා ලේඛනවල දැක්වෙයි.

තවත් කොවිඩ් මරණ හතරක් ; එකතුව 457 ක්

තවත් කොවිඩ් ආසාදිත  මරණ 04 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේ ය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිත මරණ ගණන නිල වාර්තා අනුව 457 කි. අදදින මරණ වාර්තා වී ඇත්තේ , බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවක්, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව…

දිළිඳුකම පිටු දැකිය හැක්කේ ව්‍යාපාර සහ ලාභ වර්ධනය කිරීමෙන් පමණයි – පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්

තමන් දේශපාලනයට පැමිණීමේ එක ම අරමුණ දිළිඳු බව තුරන් කිරීම බවත් , ඒ සඳහා සුබසාධන රාජ්‍යයක් අවශ්‍ය බව තමා  කල්පනා කළ බවත්, දිළිඳු බව තුරන් කළ හැක්කේ ව්‍යාපාර සහ ලාභාදයකත්වය වර්ධනය කරමින් ධනය නිපදවා  එම ධනය දිළිඳු බව තුරන් කිරීමට යොදා ගැනීමෙන් බවත්, පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා කොළඹ දී ප්‍රකාශ කළේ ය. තමා බලයට…

ජිනීවා නුවර දී මුස්ලිම් රටවලුත් ශ්‍රී ලංකාවට එරෙහි වෙයි !

කොවිඩ් 19 ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව භූමදානය කිරීමට ඉඩ නොදීමෙන් ශ්‍රී ලංකා රජය රටේ මුස්ලිම් ජාතිකයන්ගේ අයිතීන් උල්ලංඝනය කරමින් සිටින බව ඉස්ලාම් රටවල් 57 කින් සැදුම් ලත් ලෝක ඉස්ලාම් සහයෝගිත සංවිධානය ඊයේ  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතා ප්‍රකාශ කළේ ය. මෙම තත්ත්වයට වහා ම මැදිහත් වී ශ්‍රී ලංකාවේ…

වී නොදුන්නොත් පොහොර සහනාධාරය කපන තීරණය ආණ්ඩුව හකුලාගනී

වී කිලෝ 1000 ක් රජයට නොදෙන ගොවීන්ගේ පොහොර සහනාධාරය කැපීමේ තීරණයෙන් ආණ්ඩුව ඉවත් වූ බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි. නඩු කිලෝවක් සඳහා ආණ්ඩුව ගෙවන මිල රුපියල් 50 සිට 52 දක්වාත් , සම්බකිලොවකට ගෙවන මිල රුපියල් 52 සිට 54 දක්වාත් රුපියල් දෙකකින් වැඩි කළ බව ද ඇමතිවරයා පැවසීය. ඇමතිවරයා ඊයේ මාධ්‍ය අමතා මේ…

කොවිඩ් පාලනයක් සිදුවෙලා නෑ. දෛනික ආසාදිතයින් ගණන අඩුවෙන්නේ PCR අඩු නිසා – PHI සංගමය

  පසුගිය දින කිහිපය තුළ දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ පැහැදිලි අඩුවීමක් පෙන්නුම් කෙරෙන්නේ රට තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනය වීමක් නිසා නොව දෛනික PCR පරීක්ෂණ සංඛ්‍යාව අඩුවීම නිසා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. “අපි දැක්කා පසුගිය සතියේ විතර රෝගීන් 1000 ආසන්නට ආසාදිතයින් යනවා. අනිත් පැත්තෙන් අපි දැක්කා ආසන්නම දින ටිකේ 500 ආසන්නයට…

අලුතින් කොවිඩ් ආසාදිත්යෝ 492 ක් අදත් සොයා ගැනෙති; සමස්තය 80,980 යි

අදත් අලුතින් කොවිඩ් 19 ආසාදිතයින් 492 ක් සොයාගත් බව නිල වශයෙන් නිවේදනය කොට ඇත. ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 80,980 ක් වෙයි. වත්මන් රැල්ලේ හමුවූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 76,905 ක් බව අද නිකුත් වූ නිල වාර්තාවල දැක්වෙයි.  

අද දිනයේ කොවිඩ් මරණ තුනයි ; එකතුව 453 යි

අද දිනයේ නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව තුනකි. ඒ අනුව මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 453 ක් වෙයි. අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ වත්තල , නුවර එලිය සහ වලපනේ ප්‍රදේශවලිනි.