කොවිඩ් මෘතදේහ භුමදානයට ඉඩ ලැබෙන ගැසට් නිවේදනය සුදානම්

කොවිඩ් 19 භුමදානයට  ඉඩ නොදීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙනස් කරමින් භුමදනයට ඉඩ සලසන ගැසට් පත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශය  විසින් සුදානම් කොට මුද්‍රණයට යවා ඇති බව තතු දත් ආරංචි මාර්ග වාර්තා කරයි.

මෘතදේහ භුමදානයේ දී හෝ ආදාහනයේ දී අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය විධිවිධාන ගැසට් පත්‍රයට ඇතුලත් වනු ඇති බව කියති.

කොවිඩ් මෘතදේහ භුමදනයට ඉඩ නොදීම ජාත්‍යන්තර වශයෙන් දැඩි දෝෂ දර්ශනයට ලක් වූ අතර ජිනීවාහි රැස්ව ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාවේ ද අවධානයට ලක්වීය . මානව හිමිකම් සමුළුව ඇමතු ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ ප්‍රධාන ලේකම්තුමා  ද මෙම ප්‍රශ්නය මතුකොට තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *