ජිනීවා නුවර දී මුස්ලිම් රටවලුත් ශ්‍රී ලංකාවට එරෙහි වෙයි !
කොවිඩ් 19 ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව භූමදානය කිරීමට ඉඩ නොදීමෙන් ශ්‍රී ලංකා රජය රටේ මුස්ලිම් ජාතිකයන්ගේ අයිතීන් උල්ලංඝනය කරමින් සිටින බව ඉස්ලාම් රටවල් 57 කින් සැදුම් ලත් ලෝක ඉස්ලාම් සහයෝගිත සංවිධානය ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතා ප්‍රකාශ කළේ ය. මෙම තත්ත්වයට වහා ම මැදිහත් වී ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයින්ගේ අයිතීන් රැක දෙන ලෙස එම සංවිධානය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටියි.
එකසත ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ පෙලේ සැසිවාරය අමතමින් ඉස්ලාම් සහයෝගිතා සංවිධානයේ මහ ලේකම් යුසුෆ් අල් ඔතයිමීන් මහතා ඊයේ මෙම ඉල්ලීම කළේ ය.
මෙම ප්රශ්නය පිළිබඳව 2020 මැයි මාසයේ තම සංවිධානය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවත් , දෙසැම්බරයේ ද එම ඉල්ලීම කළ බවත්, ඒ කිසිවක් නොසලකා ශ්‍රී ලංකා රජය මුස්ලිම් ජනයාගේ අයිතීන් අහිමි කරමින් සිටින බවත් එම සංවිධානය කියයි .
ඉස්ලාම් සහයෝගිත සංවිධානයට ජිනීවා නුවර දී ශ්‍රී ලංකා රජයට හිතවත්ව කටයුතු කරමින් සිටි පාකිස්ථානය, බංගලා දේශය , ඉන්දුනීසියාව , බහරේන් ආදී රාජ්‍යයන් 57 ක් ඇතුළත් ය.
